මැරෙන්න කලින්ම මිනී පෙට්ටියක් ගෙදර අරන් ගිය මීරිගම පුද්ගලයෙක්ට වෙච්ච වින්නැහිය

තම නිවසේ කිසිවකු ගේ මරණයක්‌ සිදුනොවී මල් ශාලාවකින් මීනි පෙට්‌ටියක්‌ සහ ඊට අවශ්‍ය කරන උපකරණ මිලදී ගෙනවිත් නිවසේ තබා ගැනීමේ සිද්ධියක්‌ මීරිගම, තලාකොලයාය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

තලාකොලයාය ප්‍රදේශයේ හෝටලයක්‌ පවත්වාගෙන යන තැනැත්තෙක් විසින් 8 දින උදේ ඔහු පදිංචිව සිටින නිවසේ මරණයක්‌ සිදු නොවී තිබියදී මිනී
පෙට්‌ටියක්‌ ඇතුළු උපකරණ ගෙන එනු දුටු අසල්වාසීන් මේ ගැන කිසියම් වූ සැකයක්‌ ඇති කරගෙන ඇති අතර සිද්ධිය කටින් කට පැතිර ගොස්‌ තිබේ. පසුව එදිනම දහවල් මේ ගැන මීරිගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක පාලිත අමරතුංගට දැන ගන්නට ලැබී ඇත.

මේ සම්බන්ධ මූලික තොරතුරු ලැබුණු පසු උප පොලිස්‌ පරීක්‌ෂක එදිරිසිංහ ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ ස්‌ථානාධිපති වරයාගේ උපදෙස්‌ මත මෙම නිවස සහිත හෝටලය පරීක්‌ෂා කිරීමේදී මීනි පෙට්‌ටිය සහ ඊට අවශ්‍ය කළමනා තබා තිබෙනු දැකීමෙන් අනතුරුව මෙසේ හේතුවක්‌ නැතිව මේවා තබා ගැනීම ගැන පිළිබදව ප්‍රකාශයක්‌ ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

තම පවුලේ පිරිස තමන්ට නොසැලකීම නිසා ඔවුන් බියගැන්වීම සඳහා මෙසේ කළ බව ඔහු ප්‍රකාශ කර ඇතැයි පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක පාලිත අමරතුංග පවසනවා. එමෙන්ම මීනි පෙට්‌ටියක්‌ තබා ගැනීමට තහනමක්‌ නැති වුවත් එය ආපසු ගෙන යැමට පියවර ගැනීමට පොලිසිය උපදෙස්‌ දී තිබේ.

මෙම පුද්ගලයා පසුගිය 8 වැනිදා මීරිගම ප්‍රදේශයේ මල් ශාලාවකට ගොස්‌ රුපියල් විසිපන් දහසක්‌ වටිනා මීනි පෙට්‌ටියත් ඇත්දළ ඇතුළු සියලු සැරසිලි කොටස්‌ සහිතව අවමංගල සේවයක්‌ ලබා ගෙන මියගිය අයගේ දේහය පසුව නිවසට ගෙනා විට එය පෙට්‌ටියේ තැන්පත් කරගත හැකි හෙයින් එම බඩු නිවසට ගෙනවිත් දෙන ලෙස ඉල්ලා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එහි කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඉතිරි දේපළ පසුදින (9) ආපසු බාරදෙන බව පවසා ඇතැයිද මල් ශාලාවෙන් කළ විමසීමේදී දැනගත හැකිවී ඇත. තමන්ගේ මරණයේ කටයුතු සඳහා මිනී පෙට්‌ටියක්‌ නිවසේ තබා ගැනීම සිදුවුවත් මෙසේ සියලු උපකරණ සහිතව මිනී පෙට්‌ටියක්‌ නිවසකට ගෙන ගොස්‌ තබාගත් අවස්‌ථාවක්‌ ගැන නොදන්නා බව මේ පිළිබඳව කළ විමසීමේදී මල් ශාලා හිමියෝ කිහිපදෙනෙක්‌ම පැවසුවා.