රැජින ඉදිරියේ ලෝකෙටම පෙන්න රාජ නීතිය යලිත් කැඩූ ඇමෙරිකාවේ ලේලියට දසතින් ප්‍රහාර එල්ල වෙයි - Photos

මේගන් මාර්කල් කියන ජනප්‍රිය රංගන ශිල්පිණිය බකිංහැම් මාලිගයේ කුමාරිකාවක් වුණාට පස්සේ දවස ගානේ පුවත් මැවෙන්න පටන් ගත්තා. ඊයේ දවසෙත් මාධ්‍ය වැඩිපුරම කතාබහ කළේ ඇය ගැන. ඒ මේගන් මාර්කල් කුමරිය දෙවන එලිසබෙත් මහ රැජිණට අගෞරව වන විදිහට හැසිරිලා තියෙනවා කියලා. ඇය අසුන් ගෙන සිටි ආකාරයෙන් බ්‍රිතාන්‍ය රාජකීයත්වයට නොගැලපෙනවා කියලයි කියන්නේ. ඒ කියන්නේ රාජකීය නීතියක් ඇය කඩකරලා කියලයි.

එය නොදැනුවත්ව වුණා කියන්න බැහැ කියලත් විවිධ
මත පල වෙනවා.

බකිංහැම් මාලිගයේදී ඊයේ (27) පැවති උත්සවයකදී ඇය මෙලෙස හැසිරී ඇති බවට සඳහන්. ඒ නවක නායකයින් පිළිගනිම සඳහා සුදානම් කර තිබු උත්සවයක් සඳහා දෙවන එලිසබෙත් මහ රැජිණ සහභාගිවී සිටි ඇති අතර ඒ සඳහා හැරී කුමරු සහ මේගන් කුමරියද සහභාගිවී තිබෙනවා. මහ රැජිණට යාබද ආසනයේ අසුන් ගෙන සිටි මේගන් කුමරිය සිය පාදයක් මත අනෙක් පාදය තබාගෙන අසුන් ගෙන  සිටි ආකාරයයි මෙලෙස දෝෂදර්ශනයට ලක්ව ඇත්තේ.

කොහොම නමුත් රාජකීය පවුලේ කාන්තාවන් මහජනතාව සහභාගිවන උත්සව වලදී ඇදිය යුතු ඇඳුම් හිස්වැසුම් මෙන්ම හැසිරිය යුතු ආකාරය ගැන නීති මාළාවක් හා සම්ප්‍රදායක් පවතිනවා. සම්ප්‍රදායට අනුව රාජකීය කාන්තාවක් අසුන් ගැනීමේදී සිය පාදයේ වළලුකර මතින් අනෙක් පාදයේ වළලුකර හරස් වන අයුරින් අසුන් ගැනීම නිවැරදි ක්‍රමය වනවා.

නමුත් මේගන් කුමරිය මේ වන විට අවස්ථා දෙකකදී එම සම්ප්‍රදාය කඩකරමින් කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.