මාතර රෝහලේ වෛද්‍යවරුන් එක්වෙයි...! මිය ගිය පොලිස් නිළධාරියා වෙනුවෙන් පොසොන් පෝදා කළ මහා පිංකම..!

පසුගියදා මාතර ස්වර්ණාභරණ ආයතනය අසළ සිදුවුනු සිදුවීමේදී කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් මහතාගේ සත් දින බණ ඊයේ (27) දිනයට යෙදී තිබුණා. එයට සමගාමීව ඔහුගේ බිරිඳ සේවය කරන මාතර රෝහලේ හෘද රෝග වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් සහ හෙදියන් සියළු දෙනා එක්ව මාතර නගරයේ කුරක්කන් කැඳ දන්සලක් පවත්වා පිං අනුමෝදන් කිරීමට කටයුතු කර තිබුණා.

මීට අමතරව එම අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයකට
ලක්වුනු මාතර - කඹුරුපිටිය මාර්ගයේ ගමන්ගත් බස් රථයේ රිය සහයකවරයාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මූල්‍යමය සහ ද්‍රව්‍යමට ආධාර ලබා දීමට මාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කටයුතු කර තිබුණා. වෙඩි වැදුනු පුද්ගලයාගේ බිරිද අදාළ සිදුවීම සිදුවන මොහෝතේදී මාතර මහ රෝහලේදී නිවුන් දරු ප්‍රසූතියක් සිදු කර තිබුණා.

කෙසේ වෙතත් දින පහක් ගත වුවද පියාට තම දරුවන් දැකගැනීමට නොහැකි වූ බව  ප්‍රකාශ කල ඇය සඳහන් කලේ මේ වන විට සිය පවුල ඉතා අසරණ තත්වයට පත්ව ඇති බවයි. සැමියාගේ රෝහල් ගත වීමත් සමඟ කුඩා දරුවන් සිවුදෙනෙකු සමඟ නිවසේ තනි වී සිටින ඇය උපකාර කල හැකි අයගේ සහයද බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබුණා.