කෝපි කෝප්පය බිම වැටුන වෙලාවේ නෙදර්ලන්ත අගමැති ලොවට දුන් ආදර්ශය (VIDEO)

ඔහු තමයි නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය මාක් රූට්. 2010 වසරේ ඉඳන් ඔහු එම ධූරය මෙහෙයවනවා.

පෙරේදා (04) දින මාක් රූට් අග්‍රාමාත්‍යවරයා කළ වැඩක් නිසා හැමෝගෙම ප්‍රශංසාවට ලක්වුණා. පාර්ලිමේන්තුව තුලදී ඔහුගේ අතේ තිබුණ කෝපි කෝප්පය බිම වැටී තිබුණා.

 සාමාන්‍යයෙන් අපේ වගේ ආසියාතික රටක
දේශපාලකයෙක් නම් බොහෝ විට එය වෙනත් කෙනෙකුට පිරිසිදු කරන්න කියලා ඉක්මණින් එතැනින් පිටව යාවි.

නමුත් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා එහෙම කළේ නැහැ. ඔහු කිසිම පැකිලීමකින් තොරව මොප් එකකුයි රෙදි කැබැල්ලකුයි අරගෙන එතන පිරිසිදු කරා.

ටික වෙලාවක් යනකොට පිරිසිදු කරන්නන් පිරිසක් එතැනට ආවා. අගමැතිතුමාගේ වැඩේ දැකලා ඔවුන් පුදුම වුණා විතරක් නෙමෙයි උණුසුම් අත්පොලොසන් හඩකින් ඔහුට ගෞරවය පුදකළා.

වීඩියෝව පහතින් නරඹන්න.