පෙම්වතාගේ අවසන් ගමනට ලෙඩ ඇඳෙන්ම ආ පෙම්වතිය කළ ඉල්ලීම (PHOTOS)

පසුගිය දිනක කඩවත අධිවේගි මාර්ග පිවිසුම අසළදී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගිහින් දෙදෙනෙක් තුවාල ලැබුවා. මෙසේ මියගොස් තිබුණේ චිරාන් ඉසුරු නැමති 23 හැවිරිදි තරුණයෙක්. අනතුරෙන් ඔහුගේ පෙම්වතිය දැඩි ලෙස තුවාල ලැබූ අතර ඇය රාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා.

 අන්තිම වෙනකම්ම තමන්ගේ ආදරණීය පෙම්වතා
මියගිහින් කියලා ඇය දැනගෙන හිටියේ නැහැ. ඒ නිසාම ඔහුට ඉක්මන් සුවය පතලා ඇය රෝහලේ ඉඳන්ම ලිපියකුත් ලියා තිබුණා.

කොහාම වුණත් මේ තරුණයාගේ අවසන් කටයුතු සිදුවුන වෙලාවේ ඇයව ලෙඩ ඇඳෙන්ම එම ස්ථානයට රැගෙන එන්න පවුලේ හිතවතුන් කටයුතු කරලා තිබුණා. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ජංගම දුරකථන දෙක ලැබුනොත් ඇයට ලබාදෙන්න කියලත් ඇය ඉල්ලා තිබුනේ මේ විදියටයි.