ජැකලින් මේ දිනවල ඇමෙරිකාවේ

‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන ශ්‍රී ලංකා රූපරාජිණි ජැකලින් ෆර්නැන්ඩෙස් මේ දිනවල ඇමෙරිකාවේ ඇට්ලන්ටා නගරයේ සිටින බවට තොරතුරු වාර්තා වේ. ඇය එහි ගොස් ඇත්තේ සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ නර්තන ප්‍රසංගය සඳහා සහභාගි වීමට බව වාර්තා වේ.

මෙම නර්තන ප්‍රසංගය සඳහා සුපිරි නළු සල්මාන් ඛාන්, කත්‍රිනා කයිෆ්, ඩේෂි ෂා, සොනක්ෂි සින්හා,
ප්‍රභුදේවා, බොබි ඩියොල්ද, ජැකලින් සමගින් එක්වේ. ‘ඩබාන්ග්’ නර්තන ප්‍රසංගය ඇමෙරිකාවේ පැවැත්වෙන තුන්වැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර ලොස් ඇන්ජලීස් හා නිව්යෝර්ක් නගරවලදී මෙම ප්‍රසං‘ගය පවත්වා ඇත.