නිවුන් සොයුරියන් කෙළෙසා කට්ටි පනිමින් සිටි තරුණයා සරසවි සිසුවියන් දෙදෙනෙකුගේ ඉමෝ ආදරයක පැටළී වැඩ වරද්දා ගත් හැටි

දෙමාපියන් සමග අමනාප වී නාවලපිටියේ සිට කොළඹ පැමිණි රූමත් නිවුන් දැරියන් දෙදෙනෙක් දූෂණය කොට වසරක්‌ පුරා සැඟව සිටි බව කියන සැකකරුවෙක් සරසවි සිසුවියන් ලෙස පෙනී සිටි පොලිස්‌ කාන්තාවන් දෙදෙනකුගේ උපක්‍රමශීලී ක්‍රියාමාර්ගයකින් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර වලස්‌මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

නාවලපිටිය වෙරළුගස්‌හින්න ප්‍රදේශයේ
පදිංචිකාරියන් වූ 15 හැවිරිදි වියේ පසුවන සැකකරු වෙතින් දූෂණය වූ බව පැවසෙන නිවුන් දැරියන් දෙදෙනා නිවැසියන් සමඟ අපනාප වී ඔවුන්ට නොදන්වා කොළඹට පැමිණ ඇති බව වාර්තා වේ.

පසුව ඔවුන් පිටකොටුව බස්‌ නැවතුම්පළේ සිටියදී මෙම සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ ඔවුන් දෙදෙනාට රැකියාවක්‌ දෙන බව පවසා ලියගම ප්‍රදේශයට රැගෙන ගොස්‌ බෝඩිම් කාමරයක තබාගෙන දූෂණය කර ඇති බව පැවසෙනවා.

අදාළ දැරියන් දෙදෙනා අතුරුදන් බවට නාවලපිටිය පොලිසියට ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනවලදී ඔවුන් කොළඹ ප්‍රදේශයේ සිටියදී සොයාගෙන උසාවි මාර්ගයෙන් පරිවාස ගතකර තිබෙනවා.

සැකකරු පිළිබඳව දැරියන් නිසි තොරතුරක්‌ නොදන්නා බව හෙළිවීම හේතුවෙන් සැකකරු සම්බන්ධයෙන් ලැබී තිබූ සාමාන්‍ය තොරතුරකට අනුව ඔහු සොයා පරීක්‌ෂණ සිදුකර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනකු ලෙස පෙනී සිටි පොලිස්‌ කාන්තාවන් දෙදෙනෙක් මෙම සැකකරු සමඟ ඉමෝ තාක්‌ෂණයෙන් සම්බන්ධ වී දැඩි ලෙස ආදරයක්‌ පෙන්වා ඔහුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල ගලහ මංසන්ධියට ගෙන්වා ගෙන තිබෙනවා.

සරසවි සිසුවියක ලෙස පෙනී සිටි එක් පොලිස් නිලධාරිනියක් සැකකරු සමඟ ඉමෝ ඔස්සේ සම්බන්ධතා පවත්වමින් සිටියදී අනෙක් පොලිස් නිලධාරිනිය ද ඉමෝ ඔස්සේ සැකකරු සමඟ සම්බන්ධතා ගොඩනඟා ගෙන ඇත්තේ පළමුව සැකකරු සමඟ සම්බන්ධතා පැවැත්වීමට කටයුතු කළ සරසවි සිසුවියගේ යෙහෙළිය ලෙස පෙනී සිට එම යෙහෙළියට හොරෙන් සැකකරු සමඟ ආදරයක් ගොඩනඟා ගන්නා බව අඟවමින් බවයි වාර්තා වන්නේ.

සැකකරු මාතර වලස්‌මුල්ල ලියගම ඇඟලුම් කම්හලක සේවය කරන්නකු බව හෙළිවී ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඊයේ (13) දින නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.