ජනප්‍රිය රූපවාහිනි නිවේදකයා කායවර්ධන මධ්‍යස්ථාන හිමිකරුට පිහියෙන් අනියි - රටක් හඳුනන නිවේදකයාගේ කෙරුවාව මෙන්න .!

වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ ජනප්‍රිය රූපවාහිනි නිවේදකයෙකු පිළිබදව වාර්තා වෙනවා.

පසුගිය 09 වැනිදා මෙම රූපවාහිනි නිවේදකයා සහ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු අතර පෞද්ගලික ආරවුලක් හටගෙන තිබෙන අතර එහිදි ඇතිවූ ගැටුමකදි මෙම රූපවාහිනි නිවේදකයා විසින්
කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරුට පිහියෙන්  ඇන තිබේ.

මෙම පිහි ඇනුමෙන් තුවාල ලබා තිබෙන එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 35ස් හැවිරිදි වසන්ත කුමාර ලියනගේ නම් පුද්ගලයා මේ වන විට රෝහල්ගතව ප්‍රථිකාර ලබයි. එඩේරමුල්ල ප්‍රදේශයේම පදිංචි සැකකාර රූපවාහිනි නිවේදකයා මේ වන විට නිවසින් බැහැරව සිටින බව සදහන්.

මේ අතර අදාල රූපවාහිනි නිවේදකයා විසින් කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු විසින් තමන්ට පහර දුන්නේ යැයි කියමින් කඩවත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.