මහළු බිරිඳ එපා කියා අවුරුදු 20 ක් බාල කතක් කරකාරෙට ගත්ත හැට පැන්න සැමියාට වැඩ වැරදුණු හැටි

විවාහක බිරිඳ සිටියදී තවත් විවාහයක් කර ගැනීමේ චෝදනාවකට වරද පිළිගත් 69 හැවිරිදි පුද්ගලයෙකුට දඬුවම් නියම කිරීම කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් ජූලි 17 වැනිදාට කල් තබා තිබෙනවා.

ඒ විත්තිකරුගේ 68 හැවිරිදි බිරිය විසින් සිදුකර තිබූ පැමිණිල්ලක් අනුව පැවැත්වූ නඩු විභාගයකින් අනතුරුවයි.

ඒ විත්තිකරුගේ 68 හැවිරිදි බිරිය විසින් සිදුකර තිබූ
පැමිණිල්ලක් අනුව පැවැත්වූ නඩු විභාගයකින් අනතුරුවයි.

පැමිණිලිකාරිය පවසන්නේ 1973 මැයි මස 7 වන දින තමා විත්තිකරු සමඟ විවාහ වුවත් ඔහු 2017 ජූනි මස 3 වන දින 48 හැවිරිදි කාන්තාවක් නැවත විවාහ කරගෙන ඇති බවයි.

තමන් විවාහ කරගත් සමයේ සිටම ඔහු වෙනත් කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වා ඇති බවත් ඔහු විශාල දේපලක් හිමිව සිටි පුද්ගලයෙකු බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

එසේම මෙම විවාහයෙන් පසු තමන්ට 47 සහ 37 යන වයස්වල පසුවන පුතුන් දෙදෙනෙක් ද සිටින බවයි ඇය පවසන්නේ.

කළුතර කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකය මඟින් මෙම නඩුව පවරා තිබුණා.