"ගීතයක් ගැයූ පමණින් ගායිකාවක් වන්නේ නැහැ..ඒක ඉතින් එයාගෙන්ම තමයි අහන්න වෙන්නේ.." - ධනංජය සිරිවර්ධන

ධනංජය සිල්වා කියන්නේ කාලයක් කාගේත් සිහින කුමාරයා. පුංචි තිරය වගේම සිනමාවේ විවිධ ස්වරූපයෙන් දකින්න ලැබෙන මේ කඩවසම් නළුවා තවත් විටෙක පුරකවරයෙක්. ඔහුගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි.

ඒකාකාරී චරිතවලට කොටුවන්නට වීම ඔබට ගැටලුවක් ‍නෙවෙයිද.. ? ..

එහෙම වන්නේ නිර්මාණයේ ඒකාකාරී බව නිසා හෝ චරිතයේ ඒකාකාරී බව නිසා හෝ ‍නෙවෙයි.. ඒ විදියට ඒකාකාරී චරිත මැවීමක් වනවා නම් ඊට වගකිව යුතු වන්නේ නළුවා.

කොහොමද දැන් නිවේදන කටයුතු  ..?
සුපුරුදු විදියට කරගෙන යනවා..

ධනංජය වැඩි කැමැත්තක් දක්වන්නේ නළුවකු විදියට රැඳෙන්නටද නිවේදන ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්නද.. ?
රංගනයට වැඩි කැමැත්තක් දක්වනවා.. නමුත් නිවේදනයත් මම තෘප්තියෙන් සතුව කරන කටයුත්තක්..

ඔබේ බිරිඳ ශෂිනි දැන් ගායිකාවක්.. ?
ඇය ගායිකාවක් ‍නෙවෙයි.. ඒත් ඇයට  ගායිකාවක වීමට අවශ්‍ය සියලු සුදසුකම් තියෙනවා. ඒ නිසා ගීතයක් ගායනා කළා. ගීතයක් ගැයූ පමණින් ගායිකාවක් වන්නේ නැහැ.. දිගටම සංගීතයේ රැඳෙනවද කියන එක නම් ඇගෙන්ම තමයි අසන්නට වන්නේ..

ඔබේ පියා සුනිල් සිරිවර්ධන සහ නැන්දා චන්ද්‍රිකා සිරිවර්ධන සුභාවිත සංගීතයට , හිංදුස්ථානි  රාගධාරී සංගීතයට නැඹුරු වෙද්දි බිරිඳ බටහිර සංගීතයට යොමුවීම ගැන මොකද හිතෙන්නේ..
ශෂිනිගේ කැමැත්ත සහ දක්ෂතාවය තියෙන්නේ බටහිර සංගීතයට.. ඇගේ හඬ සහ කුසලතා ඊට සුදසුයි . එහි වරදක් මම දකින්නේ නෑ.. පෙරදිග මෙන්ම බටහිර සංගීතයත් මම නම් අගය කරනවා..මේ දිනවල  ඇය තමන්ගේ දෙවැනි ගීතයට සූදානම් වනවා. එයත් ඇයට ගැළපෙන බටහිර සංගීතයට නැඹුරු ගීයක්..

ධනංජය  දැන් කලාවේ තවත් පැතිකඩකට යොමුවෙලා තියෙනව නේද.. ?
ඔව්.. මම සම්පත් ජයවීර සමග එකතුවෙලා “ප්‍රාණ” නමින් මාස 6ක රංගන වැඩමුළුවක් ඇරඹුවා. එහි පළමු කණ්ඩායමේ පාඨමාලව අවසන්. දෙවැනි කණ්ඩායමේ පාඨමාලාව  මේ වසරේ අගෝස්තු මාසයේ අරඹන්නට හිතාගෙන ඉන්නවා.. ඊට සහභාගි වන්නට කැමති අයට ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්නට අවශ්‍ය නම් 0764500305 ට අමතලා දැනගන්නට පුළුවන්..

කලා දිවියේ ඉදිරි තොරතුරු මොනවාද.. ?
මගේ කතා සංකල්පයක් අනුව මම තවත් කෙනෙකු සමග එකතුවෙලා කරපු පිටපතක් සිනමාවට ගෙනෙන්නටයි මේ දවස්වල සූදානම් වන්නේ.. එය වෙනස්ම විදියේ කතාවක් කියල දැනට කියන්නම්..වැඩි දුර තොරතුරු ඉදිරියේදි කියන්නම්..

පෞද්ගලික දිවියේ තොරතුරු ගැන කතාකළොත්.... ?
විශේෂ දෙයක් නෑ.. සාමාන්‍ය විදියට ගෙවිල යනවා..