ඇෆ්ගන් දඟ පන්දුව හමුවේ බංගලියෝ අන්දමන්ද වෙයි - මෙන්ඩිස්ගේ වාර්තාවකුත් නූලෙන් බේරෙයි (video)

රෂීඩ් ඛාන් ප්‍රමුඛ දඟ පන්දු බළඇණියේ සුපිරි පන්දු යැවීම හමුවේ, බංගලාදේශ කණ්ඩයාම සහ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම අතර පැවති පළමු විස්සයි 20 තරඟයෙන් ලකුණු 45ක ජයක් ඇෆ්ගනිස්ථානයට හිමිවිය.

තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 167ක් රැස් කළේය.

එහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මොහොමඩ්
ෂෙසාඩ් පන්දු 37කදී ලකුණු 40ක්ද, සමිඋල්ලා ෂෙන්වාරි පන්දු 18කින් ලකුණු 36ක්ද රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය

අනතුරුව ලකුණු 168 ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 122 තුළ දැවී ගියහ.

සුපිරි පන්දු යැවීමක නිත වූ රෂීඩ් ඛාන් ලකුණු 13කට බංගලාදේශ කඩුලු 3ක් දවා ගත්තේය.මෙහිදී ඔහු විස්සයි 20 කඩුලු 50 සීමාව පසුකර ගියේ එම කඩයිම පසුකළ දෙවන වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වෙමිනි.ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් මෙම වාර්තාවට හිමිකම් කියන අතර ඔහු තරඟ 26ක් තුළ විස්සයි 20 කඩුලු 50 සීමාව පසුකළ අතර, රෂීඩ් ඛාන් තරඟ 31 වැය කර තිබේ.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.