පුතාගේ වයසේ තරුණයෙක් කසාද බැන්ද රැම්බෝගේ දෙවැනි බිරිඳ නීල්සන් වයස 54 දී පස් වැනි දරුවා ප්‍රසුත කරයි

ඩෙන්මාර්ක ජාතික ප්‍රකට රංගන ශිල්පිනියක වන බ්‍රිජට් නීල්සන් 54 වැනි වියෙහිදී සිය පස් වැනි දරුවා ප්‍රසූත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇයගේ වර්තමාන සැමියා වන්නේ  39 හැවිරිදි මාටියා ඩේසි. ඉතාලි ජාතිකයෙක්  වූ ඔහුත්  ලොස් ඇන්ජලීස් නුවරදී සිදුවූ දරු ප්‍රසූතියෙන් පසුව අතිශය සතුටට පත්ව සිටින බවද කියැවෙනවා.

ඇගේ දෙවැනි සැමියා වූ සිල්වෙස්ටර් ස්ටැලෝන්
සමග රොකී ෆෝ සහ කෝබ්‍රා යන චිත්‍රපටවල රංගනයෙන් දායක වෙමින් වඩාත් ජනාදරයට පාත්‍ර වූ රංගන ශිල්පිනියක ලෙසද නීල්සන් සැලකෙනවා.

එමෙන්ම, නිරූපිකාවක මෙන්ම, රියැලිටි රූපවාහිනී වෘත්තිකයෙකු ලෙසද ඇය වඩාත් කීර්තියක් උසුලන චරිතයක්.

"අපේ පුංචි දියණියව අපේ කැදැල්ලට ආදරයෙන් පිළිගන්නවා. එය අතිශය දීර්ඝ ගමනක මල්ඵල ගැන්වීමක්." යැයි මෙම යුවළ පීපල් සඟරාවට පවසා තිබෙනවා..

නීල්සන්ට මේ වනවිටත් වයස අවුරුදු 24 සිට 34 දක්වා වූ පුතුන් සිව්දෙනෙකු සිටින අතර, ඇගේ වැඩිමහලු පුතා ඇගේ වත්මන් සැමියාට වඩා වසර පහකට පමණක් ළාබාල අයෙක්.
එමෙන්ම, අලුත උපන් බිළිඳා ඇගේ ප්‍රථම දියණිය වීමද විශේෂත්වයක්.