අනියම් සැමියාට අතවර කරන්න සිය දියණියන් දෙදෙනා දීලා හොරෙන් බලන් හිටපු මව කරපු අහස පොළොව නුහුලන අපරාධය

තම දැරියන් දෙදෙනා අනියම් සැමියාට අතවර කිරීමට සැලැස්වූ බව කියන මවක් සහ අනියම් සැමියා බවට සැක කෙරෙන පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දැරියන් දෙදෙනා වයස අවුරුදු 7 සහ 15 යන වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාවගේ සැමියා බව පැවසෙන හිටපු හමුදා සෙබළෙක් තම බිරිඳ මුදල් ඔට්ටුවට තබා බූරු ගැසීම සඳහා නිවසට පැමිණි පුද්ගලයෙකු සමග පැනගොස්
ඇති බව මීට දින 10 කට පමණ පෙර පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර තම මව සොයා දෙන ලෙස ඉල්ලා කාන්තාවගේ දරු දෙදෙනා ද අවස්ථා ගණනාවක දී පොලිසියට පැමිණ හඬා වැටී ඇති බව ද සඳහන්. ඒ අනුව එම කාන්තාව සහ ඇගේ අනියම් පුරුෂයා බව පැවසෙන පුද්ගලයා හිටපු හමුදා සෙබළා සහ ඥාතීන් විසින් අල්ලා පොලිසියට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

එහිදී දැරියන් දෙදෙනා “අනේ අම්මේ ගෙදර යමු“ යැයි පවසමින් හඬා වැටී ඇති නමුත් දරුවන්ගේ එම සංවේදී ඉල්ලීම නොතකා තමන් අනියම් පුරුෂයා සමඟ යන බව පවසමින් ඇය නීත්‍යානුකූල සැමියාට බැණ වැදුණු බවයි පොලිසිය පවසන්නේ. දරුවන්ගේ දැඩි ඉල්ලීම හේතුවෙන් පොලිසියේ නිලධාරින් විසින්ද ඇයට නිවසට යන ලෙස කොතෙක් පැවසුව ද එම ඉල්ලීම් ඇය පිළිගැනීමට කටයුතු කර නැහැ.

පසුව දරුවන් දෙදෙනා ළමා හා කාන්තා කාර්යංශයේ කාර්යාලයට කැඳවාගෙන යාමට කටයුතු කළ එහි ස්ථානාධිපතිනිය දැරියන් සමඟ කතාබහ කරමින් සිටින විට ඔවුන්ගේ මවගේ අනියම් සැමියා බව පැවසෙන පුද්ගලයා විසින් දැරියන්ට සිදුකළ බවට පැවසෙන අතවර පිළිබඳ කරුණු හෙළිදරව් වී තිබෙනවා.

රැකියාව ලෙස මුදල් ඔට්ටුවට තබා බූරුවා ගැසීමේ නිරතව සිටි පුද්ගලයෙකු සැකකරු ඉකුත් වසරේදී අදාළ කාන්තාවගේ නිවසට පැමිණ ඇති අතර ඔවුන් අතර අනියම් සබඳතාවක් ගොඩනැඟී ඇත්තේ ඉන් අනතුරුවයි. පසුව වරින් වර සැමියා නිවසේ නොමැති අවස්ථාවලදී සැකකරු එම නිවසට පැමිණ ඇති අතර එසේ පැමිණි අවස්ථාවකදී 15 හැවිරිදි දැරියට ඔහු අතවර කර ඇති බවයි පැවසෙන්නේ. අනතුරුව ඉකුත් අප්‍රේල් මස දිනක සැකකරු එසේ නිවසට පැමිණි අවස්ථාවකදී බාල දැරිය නිරුවත් කර ජංගම දුරකථනයෙන් ඇගේ ඡායාරූප ගෙන ඇති බව දැරියන් පොලිසිය හමුවේ කළ ප්‍රකාශවලින් අනාවරණය වී තිබෙනවා.

වැඩිමහල් දැරියට සැකකරු විසින් අතවර කරන අවස්ථාවේ දී කාමරයේ දොර අඩක් වසා කාන්තාව ඒ දෙස බලා සිටි බවයි දැරියන් පොලිසිය හමුවේ කළ ප්‍රකාශවලින් අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.