සුපිරි ව්‍යාපාරිකයන්, බොලිවුඩ් තරුවලින් වර්ණවත් වූ ඉන්දියාවේ අංක එකේ සල්ලිකාරයාගේ පුතාගේ රාජකීය මංගල්‍යය

Akash Ambani  හා Shloka Mehta කියන්නේ 27 දා දවස වැඩිපුරම ආසියාවේම කතා කරන යුවල. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි ඉන්දියාවේ ඉන්න ලොකුම සල්ලිකාරයාගේ පුතා Akash Ambani ගේ  විවාහය නිසයි. මේ විවාහ උත්සවයට ආ ආරාධිතයින් රතු පලස මතින් මංගල උත්සව ශාලාවට ගමන් කිරීමත් විශේෂත්වයක් වෙලා. මේ විවාහ උත්සවය චාම් එකක් වුවත් ඒ සදහා විශාල මුදලක් වියදම් කර
තිබෙන බවයි කියන්නේ.

මේ රාජකීය මංගල්‍යයට  ඉන්දියාවේ ඉන්න ජනප්‍රිය ක්‍රීඩකයින් කලාකරුවන් වගේම ව්‍යාපාරකයින් දේශපාඥයින් බොහෝ දෙනෙකුගෙන් මෙම විවාහ මංගල උත්සවය වර්ණවත් වෙලා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහිදී වඩාත් කැපී පෙනුනේ ප්‍රියංකා චොප්රා කියලත් කියනවා. ඊට හේතුව ඇයගේ ආදරණිය ඇමරිකානු පෙම්වතාවත් කැටුව යාමයි.