නොසිතූ මොහොතක අවන්හලට ආ පුද්ගලයෙක් ජනප්‍රිය කාන්තාවකට කළ මහා අපරාධය කැමරාවේ සටහන් වෙයි - Video

හදිසියේ අවන්හලකට ඇතුළු වෙන පුද්ගලයෙකු කාන්තාවකගේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ උතුරු ලන්ඩනයේ පිහිටි අවන්හලකින්.

පැහැරගෙන ගොස් ඇත්තේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 2 කටත් වඩා වටිනා ඇපල් වර්ගයේ
පරිගණකයක් බවයි අනාවරණය වී ඇත්තේ.

පැහැර ගැනීමට ලක්වන්නේ රූපවාහිනී හා සිනමා අධ්‍යක්ෂකවරියක් වන Vivienne Storry ගේ පරිගණකයයි.

ඇය අවන්හලේ මේසයක් මත ලැප්ටොප් පරිගණකය තබාගෙන කිසියම් කාර්යයක නිරතවෙමින් සිටින අතරතුරයි පරිගණකය පැහැරගැනීමට ලක්වන්නේ.

පරිගණකය පැහැර ගන්නා පුද්ගලයා තවත් පුද්ගලයෙකු විසින් පදවන යතුරුපැදියක නැගී පලායනවා.