උපස්‌ථාන කරන්න නැවතුනු බෑණා මාමාගේ හුස්‌ම නවතිද්දී රන් බඩු උස්‌සලා

මරණාසන්න වූ මාමාට උපස්‌ථාන කරමින් නිවසේ තිබූ පවුම් තුනක රන් මාලයක්‌ හා මුද්දක්‌ සොරකම් කළ බෑණා කෙනෙක්‌ ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

ගම්පොළ කාසල්මිල්ක්‌ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම පුද්ගලයා අවිවාහකයකු වන අතර ඔහුගේ
ගමේම පදිංචි අසනීප වූ තම මාමාට උවටැන් කරමින් සිට ඇත.

 පසුගිය තුන්වැනිදා මෙම සොරකම සිදුවී ඇති අතර එදින රාත්‍රියේ අසනීප වී සිටි මාමාද මියගොස්‌ ඇත.

පසුව සොයා බැලීමේදී නිවසේ අල්මාරියේ තිබූ රන් භාණ්‌ඩ නැති බව දැන මියගිය අයගේ බිරිඳ විසින් ඒ බව ගම්පොළ පොලිසියට පැමිණිලි කර තිබුණි.

දීර්ඝ කාලයක්‌ අසනීප වී සිටි මෙම මාමාගේ කටයුතු කරදීමට මෙම සැකකරු ඉදිරිපත් වීම නිසා නැන්දා හා මාමා එක්‌ව මොහුට අංගසම්පූර්ණ නිවසක්‌ද ඉදිකර තිබූ බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

නමුත් සැකකරුට ත්‍රිරෝද රථයක්‌ ගැනීමේ ආශාව නිසා මෙම රන් භාණ්‌ඩ සොරාගෙන විකිණීමට සැලසුම් කර ඇති බව අනාවරණය වී ඇත.

මෙම රන් භාණ්‌ඩ ගස්‌ බෙනයක්‌ තුළ සඟවා තිබියදී සොයා ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන ගම්පොළ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගම්පොළ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී විකුම් ගිනිගේ, ස.පො. අ. චන්ද්‍රසේන බණ්‌ඩාර, මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. උපාලි සෙනරත් යාපා යන නිලධාරීන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති පො. ප. කපිල බණ්‌ඩාර , උ. පො. ප. ජයන්ත, පොලිස්‌ සැරයන්වරුන් වන 7379 ඉලංකෝන්, (32303) කොබ්බෑකඩුව, 18305 පාලිත (11547) සෙනෙවිරත්න, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (4705) බණ්‌ඩාර , (68694) ඒකනායක, (55749) ධම්මික යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කළහ.