පාළු ස්ථානයක රැක සිටි තරුණයා බණ්ඩාරවෙල ගුරුවරියකට කළ අපරාධය

බණ්ඩාරවෙල නායබැද්ද විද්‍යාලයේ ගුරුවරියක කැපුම් කෙටුම් තුවාල සහිතව දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසනවා.

මෙම ගුරුවරිය පාසලේ පැවති පංතියකට සහභාගී වී ගෝනමොටාව වතුයායේ පිහිටි සිය නිවසට පාගමනින් යමින් සිටියදී පාලු ස්ථානයක රැක සිටි පුද්ගලයෙකු ඇයගේ ගෙල බැඳි රන්මාලය
කොල්ලකෑමට උත්සහ කර තිබෙනවා.

පසුව ගුරුවරිය විසින් කොල්ලකරු හඳුනා ගැනීම නිසා තියුණු ආයුධයකින් ඇයව කපා කොටා ඇති බවයි ‌පොලීසිය පවසන්නේ.

සිද්ධියට සම්බන්ධ බණ්ඩාරවෙල ගෝනමොටාව වතුයායේම පදිංච් 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගත් බව ද බණ්ඩාරවෙල පොලීසිය සඳහන් කළා.