ජර්මනියේ විශාලතම කේක් ප්‍රදර්ශනයයේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්වුණු අපේ රටේ ශූරිය මෙන්න - Photos

ලංකාවෙන් බිහිවූ විවිද දක්ෂතාවයන්ගෙන් පිරිපුන් නිර්මාණකරුවන් ලොව පුරා තමන්ගේ දක්ෂතාවයන් නිසා ඇඟයීමට ලක්වෙනවා.

අපි මේ කියන්න යන්නෙත් එවැනි නිර්මාණයක් කරමින් ලංකාවේ ඉපිද ජර්මනියේ දැනට පදිංචිව සිටින කාන්තාවක් තමන්ගේ නිර්මාණයක් එරට
ප්‍රදර්ශණයකට ඉදිරිපත් කරමින් ඇගයීමට ලක්වීමක් ගැනයි.

ජර්මනියේ තිබෙන විශාලතම කේක් ප්‍රදර්ශණය වන Cake & Back Germany 2018 තරඟාවලියේදී මෙලෙස ඇය ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

නමින් ඇය අබේරත්න සිරිවර්ධනගේ සුජානි සඳරේඛායි. ජර්මන් ජාතිකයෙකු සමග විවාහ වී සිටින ඇය එරට පෙනී සිටින්නේ ( සුජානි බෙච්ස්ටයින්) ලෙසිනුයි.

ජර්මනියේ පදිංචි වීමට පෙර කැළණිය පුරවරයේ පදිංචිව සිටි සුජානිට මේ වසරට අවුරුදු  38ට සම්පූර්ණ වනවා. කොළඹ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ඇය ඉගෙනුම ලැබුවා.

ඇයට මෙරට තවත් සහෝදරයින් දෙදෙනෙක්ද සිටිනවා..

අලංකාර කේක් නිර්මාණ සැකසීමේ ප්‍රවීණයෙක් ලෙස ඇය එරට නමක් දිනාගෙන තිබීමද විශේෂත්වයක්.

විවිද කේකේ නිර්මාණ යටතේ Cake & Back Germany 2018 ප්‍රදර්ශනය පැවැත්වුණේ ජර්මනියේ Essen පළාතයේදී පසුගිය 5 සහ 6 වන දිනයේදීයි.

දවස පුරා පැවැත්වුණු මෙම තරඟයට රටවල් විශාල සංඛ්‍යාවක තරඟකරුවන් පිරිසක් එකතුවී සිටියා.

එම දක්ෂ තරඟකරුවන් අතරින් ලෝකට පදක්කම දිනා ගැනීමට මෙලෙස ඇය සමත්වුණා.

ඇගේ ඡායාරූප සහ එම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ අලංකාර කේක් නිර්මාණ පහතින් බලන්න