සජිත් මෙදාපාර කරපු ‘කෙහෙල්මල’ මොකක්ද?

සජිත් සංගීත ක්ෂේත්‍රයට පය තිබ්බ මුල ගැන මුලින්ම කිව්වොත් හොඳයි නේද?

මම ක්ෂේත්‍රයට ආවෙ ගායකයෙක් විදියට. ඒ 2007 වර්ෂයේ 'තරු කුමරි' ගීතයත් එක්ක. ඒ ගීතය ගායනා කරන්නෙත් මම. පද රචනය කළෙත් මම.

2009 වර්ෂයේදී මම 'දේදුනු' කියලා ගීතයක් ලිව්වා හසිත මධුෂංකට. මගෙ සමහර ගීතවල විෂුවල් එක
කරගත්තෙත් මමමයි. එතැනින් තමයි වීඩියෝ අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණේ.

මේ වෙනකොට මම ගීත හතළිහකට වැඩිය ලියලා තියෙනවා. මගේ ගීතත් ඇතුළුව ගීත 16කට විතර රූප රචනා කරලා තියෙනවා. ගීත 13ක් විතර ගායනා කරලා තියෙනවා.

හැබැයි ඔබ ගැන බොහෝ අය දැනගත්තේ රොමේෂ්ගේ මන්දාකිණි ගීතයෙන්?

ඔව්. රොමේෂ් සුගතපාලගේ 'මන්දාකිණි' ගීතය රචනා කළේ සහ මියුසික් වීඩියෝව කළේ මම. ඒ ගීතය මම ලියපු ගීත අතරින් වැඩිපුරම මිනිස්සු අතරට ගිය ගීතය. මාව කැපි පෙනුණේ ඒ ගීතයත් එක්ක.

රොමේෂ් අයියගේ 'මන්දාරමේ' කියන අලුත් ගීතය කරලා දැනට මාසයක් විතර වෙනවා. ඒ ගීතයෙත් පද රචනය සහ මියුසික් වීඩියෝව කළේ මම.

මොකද්ද මේ සජිත් ටෙහාන්ට කළ කෙහෙල්මල?

ටෙහාන්ගේ අලුත් ගීතය 'කෙහෙල්මල'. ඒකෙ පදරචනය කළේ මම. මේක රෙඟේ ස්ටයිල් ඒකේ ගීතයක්. ටෙහාන්ගේ ඕචදඤ එකේ ඡචදඤ ඵධදඨ එක වගේ යන්නෙ මේක.

මේකෙන් මිනිසුන්ට දුක් වෙන්න එපා සතුටින් ඉන්න කියන ධනාත්මක අදහසක් තමයි දෙන්නෙ. කෙහෙල්මල කියලා නම දැක්ක ගමන් මිනිස්සු බලනවා විහිළුවක්ද කියලා. මේ ගීතයෙන් කියැවෙන්නෙ ධනාත්මක චින්තනයක් ගැන.

මනුරංගට චෝදනා එල්ලවුණා අර්ථ විරහිත ගීත රචනා කරනවා කියලා. ඔබටත් එවැනි චෝදනා එල්ල වෙනවාද?

මනුරංගට ඒ චෝදනාව කරපු එක වැරැදියි. මට හිතෙන විදියට ඔහුට ඒ චෝදනාව එල්ල වුණේ 'රම්බරි' ගීතයට. ඔහු ඒ නිර්මාණය කළේ අර්ථ රසයට වඩා ශබ්ද රසය ගන්න. අද වෙද්දි ඒ ගීතය ගොඩක් ජනප්‍රියයි.

මගේ ගීත රචනාවලටත් එහෙම චෝදනා එල්ල වෙන අවස්ථා ඇති. මාසෙකට ලංකාවේ අලුතින් සින්දු සියයක් විතර එළියට එනවා. ඒ නිසා පොඩි වෙනසක් එක්ක ගීත එළියට දාන්න ඕනෙ. 'කෙහෙල්මල' කියලා ගත්තම ඒක පොඩ්ඩක් මිනිසුන්ට ඉක්මනට අල්ලගන්න පුළුවන් ගීතයක්. ලියනකොට ඒක ගායකයාට සහ සංගීතයට ගැළපෙන විදියට ලියන්න ඕනෙ.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?

ඉදිරියේදී මම පද රචනය සහ මියුසික් වීඩියෝව කරපු රාජු බණ්ඩාරගේ සහ ඉරාජ්ගෙ ගීත දෙකක් එන්න තියෙනවා.

වෙසක් පෝය නිමිතිකරගෙන 'යශෝදරා' කියලා ගීතයකුත් පහුගිය දවස්වල නිකුත් කළා.

නිර්මාණ කරද්දි සජිත් එක රාමුවකට කොටු වෙනවද?

මම නිර්මාණ කරද්දි එක ශෛලියකට කොටු වෙලා නෑ. ජ්භදදර පැත්ත, ශාස්ත්‍රිය පැත්ත, ආදරය, විරහව මේ ඔක්කොම මම නිර්මාණවලට යොදා ගන්නවා. එක පැත්තකට ලේබල් වෙන්න මම කැමැති නැහැ. විවිධ ශෛලීන්වල ගීත ගායනා කරන ආර්ටිස්ට්ලා ඉන්නවා. මම ඒ හැමෝම එක්ක වැඩ කරනවා.

ඔබ වෘත්තීන් කිහිපයක නියැළෙනවා. කාලය කළමනාකරණය කරගන්නෙ කොහොමද?

සංගීත වැඩකටයුතුවලට අමතරව මම රැකියාවකුත් කරනවා. රැකියාවකුත් කරමින් මේ වැඩ ටික කරනවා කියන එක මාරම දෙයක්. මම මූලිකත්වය දෙන්නෙ සංගීතයට. ඒක හරිම ආශ්වාදජනකයි. වැඩ ඔක්කොම බැලන්ස් කරගෙන යනවා.

ගීත ගායනය, ගීත රචනය, රූප රචනා, අධ්‍යක්ෂණය කියන අංශ තුනේම සජිත් වැඩ කරනවා. රංගනයට පිවිසෙන්න අදහසක් නැද්ද?

රඟපාලත් තියෙනවා. මේ ඔක්කොම කරද්දි කට්ටිය කියනවා ඔක්කොම බදාගන්න එපා කරන ටික හරියට කරන්න කියලා. හොඳ චිත්‍රපටයකට වගේ ආරාධනා කළොත් ඒකට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

මම වැඩ බලෙන් ගිහින් ගන්නෙ නෑ. ආර්ටිස්ට්ලා මාව තෝරගත්තොත් ඒගොල්ලන්ගෙ නිර්මාණ මම බොහොම ආදරයෙන් කරනවා. ඉස්සරහට කොලිටි වැඩ ටිකක් එළියට දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ස්තූති කරන්න පිරිසක් ඇති?

මට මුලින්ම සිංදුවක් ලියන්න අවස්ථාව දුන්නේ ගයාන් රැන්ඩි පෙරේරා සහ යසස් මැදගෙදර. මම බහුතරයක් වැඩ කළේ ඒගොල්ලො එක්ක. ඔවුන් දෙදෙනා ඇතුළු මට සින්දු ලියන්න අවස්ථාව දුන්න සියලු සංගීත අධ්‍යක්ෂවරුන්ට සහ ගායක ගායිකාවන්ට ස්තූතිවන්ත වෙනවා.

ඉරේෂා කල්හාරි සේනාධීර