මහේලගේ සිහිනය බොඳවෙයි

අයි.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ඉකුත් වසරේ ශූරයන් වූ මුම්බායි ඉන්දියන් කණ්‌ඩායමට මෙවර අවසන් පූර්ව වටයට පිවිසීම සිහිනයක්‌ බවට පත්ව තිබෙනවා.

තරග 12 කදී පරාජයන් හතක්‌ සහ ජයග්‍රහණ 5 ක්‌ ලබා ඇති මුම්බායි පිල මේ වන විට ප්‍රසාද ලකුණු
සටහනේ හය වැනි තැනට තල්ලුවී තිබෙනවා.

ඔවුන්ට තවත් තරග දෙකක්‌ පමණක්‌ ඉතිරිව ඇති අතර එම තරග දෙකම මුම්බායි ජය ගත්තද අවසන් පූර්ව වටයට පැමිණීමට අවකාශ ලැබෙන්නේ දළ ලකුණු වේගය මත පමණයි.

අයි.පී.එල්. අවසන් පූර්ව වටයට මේ වන විට වරම් ලබාගෙන තිබෙන්නේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.