නව පරපුරට ආදර්ශයක් වුණු රංගන ශිල්පිණි මිෂෙල්ගේ උපන් දිනය (PHOTOS)

නව පරපුරේ රංගන ශිල්පිණියක් වන මිෂෙල් දිල්හරාගෙ 22 වන උපන්දිනය පසුගිය 01 දිනට යෙදී තිබුණා. ඇය ඇයගෙ උපන්දිනය සමරුවේ වෙනස්ම ආකාරයකටයි.කටාන අනන්දරාම විහාරවාසි ශාන්ත හමුදුරුවන්ගේ හා හාමුදුරුවන්ගේ උපකාරක පන්ති වලට සහභාගි වන 1000 කට අධික ළමුන් පිරිසකගෙ සහාබාගිත්වයෙන් පවුල් 250 කට වැඩි පිරිසකට සහල් බෙදා දී තිබුණා. මෙහි ඇති විශේෂත්වය වන්නේ, මිෂෙල් දිල්හාරා ගේ ආරාධනයෙන් ශාන්ත හාමුදුරුවෝ සහ 1000 කට අධික ළමුන්ගේ
ආධාරයෙන් සහල් කිලෝ 1400කට අදික ප්‍රමාණයක් පවුල් 250 කට ලබා දීමට සැලසුම් කොට තිබීමයි.

මේ ගැන මිෂෙල් දිල්හාරා ගෙන් විමසූවිට ඇය පැවසූවේ "මාත් ඇතුළුව අප පරම්පරාව පිලිබඳව තියන මතයක් තමයි, ඉස්සර පරම්පරාව මෙන් කලාවට හෝ අනෙකුත් ක්ෂේත්‍ර වලට ලැබෙන දායකත්වය අඩු බවයි. ඒ අතර , මානව සම්බන්ධතා සහා සදාචාරාත්මක ගුණාංග පිරිහී ඇති බව ගොඩක් වැඩිහිටියන්ගේ මතයයි. දැන් උදේ නැගිට්ට ගමන් ෆේස්බුක් බලන අපි, ඉස්සර කඩචෝරු කෑමට මුදල් ඉල්ලීමට අම්මාට ඇවිටිලි කරන අපි, දැන් අම්මාගෙන් රු.50ක් ඉල්ලා ඇවිටිලි කරන්නේ data card එකක් දා ගැනීමටයි. මෑතකදී පැවැත් වූ වෙසක් දන්සල් දන්සල් වල මඤ්ඤොක්කා සහා ලුණු මිරිස් දන්සලට වඩා ජනප්‍රිය වූයේ data card දන්සලුයි. මගේ විශ්වාසයක් තිබුණා අලුත් පරම්පරාව එකතු උනොත් අපටත් අපගේ වැඩිහිටියන් ගිය පාරේ යන්න පුළුවන් කියලා..

ඉතින් මම මේ වැඩසටහන සදහා ශාන්ත හාමුදුරුවන් ටත්, තමන්වහන්සේගේ 1000 කට අධික සිසුන්ටත් මෙම වැඩසටහනට සම්බන්ධ වන මෙන් ඉල්ලීමක් කළා. මගේ සංකල්පය වුණේ එක් අයෙකුගෙන් එක් සහල් කිලෝවක් ලබා දුන්නත් සහල් කිලෝ 1000 ක් අපට මෙම පවුල් සදහා ලබා දිය හැකි බවයි. ශාන්ත හාමුදුරුවෝත් උන්වහන්සේගේ 1000 කට අධික ළමුන් පිරිසකගේ උත්සහයෙන් සහල් කිලෝ 1000 කට අධික ප්‍රමාණයක් අපට එකතු කර ගැනීමට හැකි වුණා. මෙම වැඩසටහන පැවැත් වුයේ පින්නකැලේවත්ත ප්‍රියධර්ශනාරාමාධිපති වෙනිවැල්පිටියේ පියදස්සි හලාවත මීගමු දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පියදස්සි හිමියන්ගේ ආශිර්වාදය ඇතුළු මෙම වැඩසටහන සාර්ථකව කර ගැනීමට හැකි වුණා.

අපි දෙන එක කොටු රූල් පොත කින්,බොල්ට් පොයින්ට් පෑනකින් සමහර වෙලාවට තව කෙනෙක්ගේ මුලු ජිවිතේම වෙනස් වෙන්න පුළුවන්. හැම තිස්සේම අම්මා මට මොනාද කරලා තියෙන්නේ, තාත්තා මට මොනාද කරලා තියෙන්නෙ, සමාජේ මට මොනාද කරලා තියෙන්නේ, කියලා අහනවට වඩා මම මොනවද මගේ අම්මාට කරලා තියෙන්නෙ, මගේ තාත්තාට මම මොනාද කරලා තියෙන්නෙ, සමාජේට මම මොනාද කරලා තියෙන්නෙ කියලා හිතුවොත් මේ රට කොයි තරම් ලස්සන වෙයිද ?"