දේවාලය බින්ද පුද්ගලයට පව පල දුන් හැටි

කෝපායි පොලිස් වසමට අයත් උරුම්බිරායි සෛවර් විද්‍යාල භූමියේ ඇති කෝවිල කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 2 ක් පමණ වටිනා දේව ප්‍රතිමා දෙකක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සොරකම ඊයේ (17) අළුයම 1.30 ත් 5 අතර සිදුවී ඇති අතර එදිනම පෙරවරු 11.30 ට පමණ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන දේව ප්‍රතිමා දෙක
ද සොයා ගැනීමටයි පොලිසියට හැකිවී ඇත්තේ.

සැකකරු විසි දෙහැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු උරුම්බියි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

ඔහු අද (18) දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.