සුගන්ධිකා ඔබ මා වී,මා ඔබ වූවා නම්… – ගිහානි අලුත් සටහනක් තියයි

ගිහානි වීරසිංහ යන චරිතය පිළිබදව මෑතකදි සෑම මාධ්‍ය අංශයකින්ම දැඩි ලෙස කතාබහට ලක් කළා.

ඒකට ප්‍රධානතම හේතුව වුණේ ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්වූ පිරිස අතර ඇයත් සිටීමයි.

එහිදී ඇය මුහුණුපොත හරහා පලකළ ජායාරූපත් සමග දැඩි ලෙස මඩ ගැසීමක් සිදුවුණා.

මෙම සිදුවීමට පෙර නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින් අධිකරණය භූමිය තුළ සිද්ධ වෙච්චි තිත්ත ඇත්තක් හෙළි කළා.

එහිදී ඇගේ භූමිකාව ද තමන්ගේ කරගනිමින් ගිහානි වීරසිංහ මුහුණුපොතේ අලුත්ම සටහනක් ඊයේ (10) රාත්‍රීයේ තබා තිබුණා.

ඒ මේ ආකාරයෙන්…..

සුගන්ධිකා ඔබ මා වී,මා ඔබ වූවා නම්…

සුගන්ධිකා ඔබ අප්‍රේල් මස දිනක වේදිකාවක් සාදාගෙන ඓතිහාසික හෙළිදරව්වක් කළාය.නීති ක්ෂේත්‍රයේ මුල් පුරුකේ සිට ඉතා කුඩා බංඩි ඇටය දක්වා වූ තනතුරු දරන නොමිනුසුන් නීතියේ දෙවගන බිත්තියට තබා නිර්වසත්‍ර කරන ආකාරය ඔබ ඉතා වේගයෙන් නමුත් පැහැදිලිව විස්තර කළාය

ඔබගේ මේ හෙළිදරව්වත් සමග නීති ක්ෂේත්‍රය සෙලවී,ආරක්ෂක අංශ ගල් ගැසී,ජනපති ප්‍රමුඛ අගමැති,අවශේෂ මැති ඇමතිවරු කළබල වී විශේෂ විමර්ෂණයක් පවත්වා මේ පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල හෝ පස් පුද්ගල කොමිසමක් සෑදීමට ඔවුන් උත්සුක වනු ඇතැයි මා පුද්ගලිකවම විශ්වාස කලේය.

නමුත් රටක් ගැස්සුනු,රටක් සූදානම් කල මේ හෙළිදරව්වට නිසි තැනක් ලැබුණේ නැත… කිසිතැනක කිසි සේත්ම ලැබුණේ නැත..

ඔබ වැඩකට නැති වදයක් බව ඔවුන් සිතුවේය.එම නිසාම සමාජ ජාලාවල page කරුවන්ට ,post සාදන්නන්ට ඔබව කම්මැලි මාතෘකාවක් බවට පත් විය..

ඔබේ ක්ෂේත්‍රයට සම්බන්ධ වූවන් ඔබව internet එකේ හොරෙන් බලා නිකන් සිටියේය.
සුගන්ධිකා …
මොවුන් සියලුදෙනාම ‘ඩීල්’වල කොටස් කරුවන්ය.

මොවුන් අප්‍රේල් 23 වෙනිදා මා හා මාගේ සහකරුවා හිටපු මන්ත්‍රීවරයකුගේ උපන්දින සාදයක් සමරණු මුහුනු පොතේ දුටුවේය.

එංගලන්තයේදී සිදුවූ ඒ සිදුවීම ශ්‍රී ලංකා වාසී සකළ විද හුදී ජනයාගේ ජන ජීවිතය මොහොතකට කැළඹුවේය.🙂

සුගන්ධිකා හෙළිදරව්වේදී බලාපොරොත්තු වූ නාලිකා කොමෂල් ගලවා ගසන breaking news එක මට වෙන්වුනේය..

ඔබේ මුහුණ පොතේ එහා මෙහා ගොස් නිදිමත වුනු බුකියේ මඩ පේජ් ඔස්තාර් වරුන් මගේ ගිණුමේ පිනුම් ගැසුවේය..

ඔවුන් මා රටේ අහිංසක ජනතාවගේ මුදලින් රට ගිය වංචාකාරියක් කලේය ..මට තනතුරු නිර්මාණය කළේය..ඒ තනතුරු වර නැගුවේය..මා ලිංගික සේවා සපයන්නියක් කළේය..

එංගලන්ත දූත කණ්ඩායම එහි රැගෙන ගොස් එක එකා හා රංගනයේ යෙදුනු නළගන කලේය ..

ඔබේ හෙළිදරව්වට කතුවැකි ලියයුතුව තිබූ පුවත් පත් මගේ දුරකථනය කාර්‍ය්බහුල කළේය ..ඔබගේ හෙළිදරව්ව breaking news ලෙස ඉදිරිපත් කල යුතුව තිබූ fm නාලිකා කැමරා,මයික් රැගෙන මා මුන ගැසීමට දොර අසල සිටියේය..

මුළු සමාජයක් එක්ව නිර්දෝශී ගැහැනියක් කුරුසයේ ඇණ ගසමින් සිටියේය.

සුගන්ධිකා .. “මේ රට හරි අමුතු රටකි” සත්‍යට සාධාරණයට හිස නොනමන දොරවල් අසත්‍යට අසාධාරණයට සහ කුණුවල ගදට ඇරුණේය..

ඔබ හා මා ගලපමින් මම සමාජයේ සිදුවන ඉතා විශාල අසාධාරණයක් සහ ඛෙදවාචකයක් පෙන්වා දෙමි!

ලංකාවේ දේශපාලන ඩීල් කැරකිය යුතු තන්හී කාන්තාවකට දැඩි ලෙස මඩ ගසමින් .. ඇයගේ වස්ත්‍රයේ එල්ලෙමින් .. ඇයගේ ශරීරාංග වල එල්ලෙමින් ඇයව අගතියට පත් කර අසරණ කිරීමට මේ මංමුලාවූ සමාජය පසු බට වන්නේ නැත.

මොවුන් ‘තමාගේ ආරක්ෂාව තමාම සපයා ගන්න’ යන ඒ ඉතිහාසගත කූප්‍රකට කියමනට කාන්තාව නතු කරමින් සමාජ ජාලා තුළත් සමාජයේත් කාන්තාව අසරණ කිරීමට පසුබට නොවනු ඇත..

මම මේ අසාධාරණයට එරෙහිව සටන් කරමි!

නිර්දෝශී කාන්තාවකට මෙලෙස මඩ ගැසීමට.. කවුරුන් හෝ කාන්තාවක් මෙලෙස අපහසුතාවට පත් කිරීමට මෙවැනි අමන කොටස් වලට කිසිදු අයිතියක් නැත!

ඔබ නාගානන්ද මහතාගේ ජනපති සිහිනය ඔහුට දැකීමට ඉඩ හැර ඔබේ ක්ෂේත්‍රයේ මේ සිදුවන අසාධාරණයට එරෙහිව තනිවම හෝ ඔබ වැන්නවුන් එක් කරගනිමින් සටන් කරන්න!

ඔබට හැකි නම් කාන්තාව සමාජ ජාලා තුළ සහ සමාජයේ සුරක්ෂිත කිරීමට සහය වන්න..මේ සමාජයේම තව තවත් සුගන්ධිකාලා බිහි කිරීමට උදව් වන්න..