ඩුබායි රජ කුමරිය අතුරුදහන්. රජ පවුලේම වැඩක් දැයි සැකයි.

හැමෝම ප්‍රර්ථනා කරන්නේ රජ සැප සම්පත් නේ. හැබැයි රජ සැප තියෙන කෙනා නම් ප්‍රර්ථනා කරන්නේ සාමාන්‍ය නිදහස් ජිවිතයක්. ඩුබායි පාලකයාගේ දියණිය වන ෂෙයිඛා ලතිෆාත් එහෙම කෙනෙක්.

රජ සම්පත් අතහැරලා හොරෙන්ම පැනලා ගිය ෂෙයිඛා ලතිෆා කුමරිය අතුරුදහන් වෙලා තියෙනවා. තමන්ගේ පවුලෙන් පනවා ඇති බාධක නිසා තමයි ඇය මේ වගේ තීරණයක් අරන් තියෙන්නේ. මාර්තු මාසයේදී විදේශයකට පළා යන්න උත්සාහ කළ රහ
කුමරිය මේ වෙද්දී අතුරු දහන වෙලා තියෙනවා.

සුඛෝපභෝගී යාත්‍රාවකින් ඉන්දියාවට තමයි ඇය පැනලා යන්න උත්සහා කරලා තියෙන්නේ. හැබැයි ඇය සිටි සුඛෝපභෝගී යාත්‍රාව ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදේදී අවහිර කරලා ආයෙත් ඩුබායි වෙත හරවා යවලා තියෙනවා. අතුරුදහන් වූ කුමරිය සිටින තැන පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

නමුත් නීතිමය කරුණු මත මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කරන්න බෑ කියලා ඩුබායි බලධාරීන් පවසනවා. ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් ගේ දියණිය වෙනත් රටකට පැනයාමට තැත් දැරීමේදී පැහැරගෙන ගිහින් කියලා තමයි සැක කරන්නේ.

හිටපු ප්‍රංශ රහස් ඔත්තුකරුවකු හා ෆින්ලන්ත ජාතික ආත්මාරක්ෂක සටන් උපදේශකවරියක් තමයි රජ කුමරියට පැනලා යන්න උදව් කරලා තියෙන්නේ.