මුහුණ ආවරණය කරගෙන ආ තරුණයා හෝටල් කාමරයක සිටි ශිෂ්‍යාවට කළ දේ, ලක්ෂ 26කුත් උස්සලා

සංචාරයක්‌ සදහා පැමිණ අහංගම හෝටලයක නතරව සිටි නීති ශිෂ්‍යාවකගේ රුපියල් විසි හය ලක්‌ෂ අසූ හතර දහස්‌ දෙසිය හැටක්‌ වටිනා රන් ආභරණ ද දේශීය සහ විදේශීය මුදල් තොගයක්‌ ද රාත්‍රී කාලයේ සොරකම් කර ඇතැයි අහංගම පොලිසිය පවසනවා.

මෙම නීති සිසුවිය ඇයගේ මිතුරියක්‌ ද, මිතුරියගේ බ්‍රිතාන්‍ය ජාතික සැමියා ද සමග සංචාරය කරමින් සිටියදී අහංගම කන්ද ප්‍රදේශයේ පිහිටි මෙම
හෝටලයට පැමිණ නතරව තිබෙන බවයි සදහන් වෙන්නේ.

වුන් සවස තුනයි තිහට පමණ හෝටලයෙන් පිටව ගොස්‌ වැලිගම ප්‍රදේශයේ සංචාරය කර රාත්‍රී දහයට පමණ නැවත පැමිණ කාඩ් ක්‍රීඩා කොට නින්දට ගොස්‌ තිබෙනවා. නමුත් ඇය නින්දට ගොස්‌ ඇත්තේ දොරේ අගුල නොදමා. මේ අතර අළුයම එකයි තිහට පමණ අවදි වී බලන විට මුහුණ වසා ගත් පුද්ගලයකු කාමරය තුළ සිටිනු දැක තිබේනව. ඒ සමගම ඔහු පිහියක්‌ පෙන්වා කෑ නොගසන ලෙසට තර්ජනය කොට පස්‌සෙන් පස්‌සට යන විට ඇය ඔහු එළියට තල්ලු කර දොර වසා යාබද කාමරයේ සිටි මිතුරියට හා ඇයගේ සැමියාට දුරකතනයෙන් සිද්ධිය පවසා තිබෙනවා.

පසුව ඔවුන් ද ඇයගේ කාමරයට පැමිණ සෝදිසි කිරීමේදී රුපියල් විසි හතර ලක්‌ෂ දහ නව දහසක්‌ වටිනා රන් ආභරණ ද මුදල් රුපියල් හැට දහසක්‌ ද රුපියල් දෙලක්‌ෂ පන් දහස්‌ දෙසිය හැටක්‌ වටිනා විදේශ මුදල් ද ඇතුලු රුපියල් විසි හය ලක්‌ෂ අසූ හතර දහස්‌ දෙසිය හැටක්‌ පමණ වටිනා දේපළ සොරකම් කර ඇති බව දැන ගැනීමෙන් පසු සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අහංගම පොලිසිය පරීක්‌ෂණ පවත්වන බව සදහන්.