සංගීතාගේ මව මියයයි !

ප්‍රවීන කලා ශිල්පිනියක වන සංගීතා වීරරත්න මහත්මියගේ මව ඩේසි අයිරාංගනී වීරරත්න මහත්මිය අද (03) පෞද්ගලික රෝහලකදී අභාප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 80 වැනි වියේ පසුවූ ඇය දියණියන් දෙදෙනෙකුගේ මවකි.

ප්‍රවීන චිත්‍රපට කලාකරුවකු වන තිමති වීරරත්න මහතාගේ බියද වන ඩේසි මහත්මියගේ බැණනුවන් වනුයේ වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක්ස් පුද්ගලික
සමාගමේ (සියත TV, සියත FM, වර්ණම් TV, වර්ණම් FM හා කිස් රේඩියෝ) සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාය.

අවසන් කටයුතු හෙට (04) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ඥාතීන් දන්වා සිටියේය.