අද නැතත් අනාගතයේදී අපේ නිර්මාණවලට නිසි ඇගයුම ලැබේවි – නිලක්ෂි

ඇය නිලක්ෂි හෙලපිටිය. කලා හැකියාවන් ගොන්නක් වගේම ඒ හැකියා බබළවන්නට අවැසි වාසනාවත් දෝතින් ගෙන උපන්නියක්. සුභාවිත නිර්මාණ හරහා හෙළ කලාව අස්වද්දන නිලක්ෂි සමග කළ පුංචි කතාවක් මේ..

අලූත් කලා තොරතුරුවලින් අපි මේ කතාව ආරම්භ කරමු?
විදෙස්ගත වෙලා ඉඳලා ලංකාවේ පදිංචියට ඇවිත්
ගෙවුණු මාස හය හතක කාලයට අලූත් ගීත හතක් විතර ගායනා කළා. ඒවා ගැන හොඳ ප‍්‍රතිචාර ලබමින් ඉන්නවා. මට හිතෙන හැටියට ජනප‍්‍රිය රැුල්ලට නිර්මාණ කරනවාට වඩා සුභාවිත නිර්මාණ කිරීමයි වැඩිපුර වටින්නේ. මොකද අද අදම නැතත් හොඳ නිර්මාණවලට අනාගතයේ කවදාහරි දවසකවත් නිසි ඇගයුම ලබනවා.

මේ කාලෙ සූදානම් වෙන අලූත් ප‍්‍රසංගය ගැනත් සඳහන් කරමු?
නිශ්ශංක දිද්දෙණිය මහතා සමග අලූත් ප‍්‍රාසාංගික වැඩකට මුල පිරුවා. ප‍්‍රසංගය නම් කරල තියෙන්නෙ පංච මකරන්ද කියලයි. ඔහු කියන හැටියට මෙතෙක් වේදිකාවේ හොඳම හඬවල් පහක් එක්තැන් කෙරෙන ප‍්‍රසංගයක් මේ. ජුනි මාසේ නව වැනිදා නෙළුම් පොකුණ ර`ගහලේ පැවැත්වෙන මේ ප‍්‍රසංගය හැඩ කරන්නේ රොඞ්නි වර්ණකුල, ඉන්දිකා උපමාලි, සමන් ලෙනින්, නිශ්ශංක දිද්දෙණිය සහ මමයි. මෙහි අපි ගයන්නේ නාට්‍ය ගීත නෙමෙයි. සම්භාව්‍ය සරල ගීත තමයි අපි මෙහිදී ගායනා කරන්නෙ. නමුත් සාමාන්‍ය සංගීත ප‍්‍රසංගයකට වඩා ගොඩක් ලොකු ප‍්‍රාසාංගික බවක් මෙහි ඇතුළත් වෙනවා.

සංගීත චාරිකාව තුළ ඔබ ජනශ‍්‍රැතිය ගැන වැඩිපුර උනන්දු බවක් දැනෙනවා?
ඔව්. මගේ ආචාර්ය උපාධියේ අධ්‍යයන කාර්යයක් හැටියට මම ශ‍්‍රී ලංකාවේ ජනශ‍්‍රැතිය ගැන ගැඹුරු හැදෑරීමක් කරනවා. ඉතින් මගේ නිර්මාණ ජීවිතයටත් එයින් යම් ආලෝකයක් ලැබෙනවා.
මගේ ඒ ජනශ‍්‍රැති පර්යේෂණයට සම්බන්ධ කරල ඉදිරියේදී වාර්තා වැඩසටහනක් කරන්නත් මම හිතමින් ඉන්නවා. බලමු අනාගතයේ ඒ දේවල් හොඳ විදියකට සිද්ධ වේවි.

ඇයි සුප්පාදේවිය ගැන නොකියන්නෙ?
සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයක සුප්පාදේවී වැනි ප‍්‍රබල චරිතයක් වේදිකාවේ ර`ග දක්වන්න මට ලැබුණු අවස්ථාව ගැන තාම මගෙ හිතේ තියෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරිතරම් ලොකු හැ`ගීමක්. මම කුඩා කාලෙ අධ්‍යාපනය හැදෑරුවේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ ඉන්පසුව කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙනුයි. මේ පාසල් දෙකේදීම මම ගීත ගායනයට යොමුවෙලා හිටියා. පාසල් කාලෙදීම විශාරද උපාධිය සම්පූර්ණ කළා.
නමුත් නාට්‍ය රංගනය ගැන මට හැකියාවක් තියෙනවා කියලා ප‍්‍රසිද්ධ වෙලා හිටියෙ නෑ. ඒ නිසයි මම හිතන්නෙ සුප්පාදේවී වෙන්නට ලැබීම අහඹු වාසනාවක් කියලා.

ඇත්තටම කොහොමද නිලක්ෂි සුප්පාදේවී වුණේ?
මම කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව සහ නූතන භාෂා හැදෑරුවා. මේ කාලෙදී හරිම අහඹු විදියට මට සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවී චරිතය රගපාන්නට අවස්ථාව ලැබුණා. මගේ ගායන හැකියාව නිසා ඒ අවස්ථාව මට ලැබුණා වෙන්නට ඕන.

ඒ වගෙ පොඩි වයසෙදී, ඒ වෙනකොට නාට්‍ය කලාව ගැන හැදෑරීමක් නොතිබුණු මට ඒ චරිතය ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. අවුරුදු පහක් මම ඒ චරිතය සාර්ථකව ර`ගපාල මගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්තයට ගියා. දැන් නැවත මම සිංහබාහු නාට්‍යය සමග රට වටා යනවා. වේදිකාව කියන්නෙ හිතට ලොකු ප‍්‍රාණයක් දෙන තැනක්.

නිලක්ෂිට තියෙන්නෙ නිතර නෑහෙන විදියේ කටහඬක් කියලා කියන අය ඇති?
ඔව්. එහෙම ඇගයුම් ලැබෙනකොට මට හරි සතුටුයි.

2016 ඔබේ වාසනාවන්ත අවුරුද්ද?
ඔව්. මම 2016 අවුරුද්දේදී රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ගායනයට නිර්දේශ වුණා. ඒ කාලෙ මම මේ තරම් නිර්මාණ ප‍්‍රමාණයක් කරල තිබුණෙ නෑ. ඒ නිසා අලූත් නිර්මාණ කරන්න ඒ ඇගයුම උත්තේජනයක් වුණා.

සුභාවිත ගීතයට විද්‍යුත් මාධ්‍යයේ අඩු සැලකිලි ඇයි?
ඔවුන් විශාල ලෙස මුදල් පසුපස හඹා යනවා. අපි කුඩා කාලෙ අපට මාධ්‍යයෙන් නිතර ඇහුණේ ගුණාත්මක බවින් වැඩි ගීත. අපේ ළමා කාලය හැඩ වුණේ ඒ ගීවලින්. නමුත් අපෙන් පසු පරම්පරාවට ඒ වාසනාව නෑ. ඒක ලොකු අපරාධයක්.

ගීත ප‍්‍රචාරය කරන්න ඔබෙනුත් ඔවුන් මුදල් ඉල්ලලා තියෙනවද?
ඉල්ලලා තිබුණාට දීලා නෑ. මගේ අතින් සල්ලි දීලා ගීත ප‍්‍රචාරය කරන තැනට මම කවදාවත් වැටෙන්නෙ නෑ.
අපිව අගය කරන අය වෙනුවෙන් නිහඬව හිතට එක`ගව නිර්මාණකරණයේ නියැළිලා ඉන්නවා. විද්‍යුත් මාධ්‍යයේ ඉඩ අඩු නිසා සමාජ මාධ්‍යයේ අපේ නිර්මාණ පළ කරනවා. ඒ හරහා හොඳ ප‍්‍රතිචාර ලබනවා. අද අපි කරන මේ දේවලට අද නැතත් අනාගතයේ නිසි වටිනාකම ලැබේවි.

සාවිත‍්‍රි විතානගේ