ඕස්ට්‍රේලියාවට සරදමක් වෙමින් සුපිරි ක්‍රිකට් නායකයා වැලි කඩදාසියේ තැබූ සිහිවටනය මෙන්න - Video

මේ දිනවල පැවැත්වෙන නවසීලන්ත-එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අතරතුර නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක රෝස ටේලර් වැලි කඩදාසියක සිහිවටනයක් තබන අයුරු කැමරාවක සටහන් වී තිබෙනවා.

රෝස ටේලර් පන්දු රකිමින් සිටින අතර තුර ප්‍රේක්ෂකයෙක් කොලයක් ලබා දී අත්සන තබා සිහිවටනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර ඔහු එම ඉල්ලීම ඉටු කරන අයුරු දක්නට ලැබුනා. නමුත් අදාළ ප්‍රේක්ෂකයා පසුව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ
කර තිබුනේ ටේලර් අහඹු ලෙස අත්සන් කර ඇත්තේ වැලි කඩදාසියක බවයි.

මේ ක්‍රියාව සිදු කලේ එංගලන්ත කණ්ඩායමට සහයෝගය දක්වන එංගලන්ත ප්‍රේක්ෂකයින් විසින් ගොඩ නගාගෙන ඇති Barmy Army නමැති කණ්ඩායමයි.

දකුණු අප්‍රිකාව සමග තුන්වන ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වැලි කඩදාසියක් යොදාගෙන පන්දුව පළුදු කිරීමට වැරදි කරුවන් වූ අතර නායක ස්ටීව් ස්මිත් ඇතුළු ක්‍රීඩකයින් තිදෙනෙකුට තරග තහනමක්ද පනවනු ලැබුවා.