රෝහලේ සිටි බිරිඳට බලෙන් වස පෙවූ නරුම සැමියාට වුණු දේ

තම බිරිඳට බලහත්කාරයේ වස පෙවූ බව කියන හුන්නස්‌ගිරියේ දේමිත්තගම පදිංචිකරුවකු වූ සැමියා තෙල්දෙනිය වැඩබලන මහෙස්‌ත්‍රාත් සරත් ප්‍රේමකුමාර මහතා විසින් අප්‍රේල් 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත වූයේ අජිත් සමන් කුමාර නමැති එක්‌දරු පියෙකි. මෙලෙස බලහත්කාරයෙන් වස පොවනු ලැබූ බව කියන බිරිඳ
පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බිරිඳගේ තත්ත්වය බරපතල බව පැවසෙන අතර පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය කරගනු ලැබූ පරිදි සැකකාර සැමියා උඩදුම්බර රෝහලට ගොස්‌ තම බිරිඳ රෝහල්ගතව සිටියදී බලහත්කාරයෙන් ඇයගේ මුව විවෘත කර බෝතලයකින් මුවට වස වත්කර ඇති බවයි.

බිරිඳ ඇයගේ සොහොයුරියක්‌ සමග උඩදුම්බර රෝහලට ගොස්‌ සිටි බවත් බලහත්කාරයෙන් වස පෙවීමට සැබෑ හේතුව අනාවරණය නොවූ බවත් පවසන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සදහන් කරයි.