වසර 40 පමණ ආසන්න කාලයක් කාලයක් කුවේට් රාජ්‍යයේ සේවය නියතුව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට ශ්‍රී ලංකා තනාපති කාර්යාලය මැදිහත්ව රජයේ වැඩිහිටි නිවාසයකට යොමු කිරීම සදහා පෙරේදා(15) උදෑසන මෙරටට එවා ඇති පුවතක් පිළිබඳව වාර්තාවනවා.
මෙලෙස කුවේට් ගුවන්සේවයට අයත් කේ යු 356 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපලට
පැමින ඇත්තේ 72 හැවිරිදි පානියන් දුවගේ ගුණවති නමැති වයෝවෘද්ධ කාන්තාවක්.
ලංකාවට පැමිනෙන අවස්ථාවේදි ඇයට නවාතැන් දීමට කිසිඳු ඥාතියෙකු සොයා ගැනීමට අපොහොසත්ව ඇති බැවින් විදේශ කටයුතු අමාත්‍යංශය කරන ලද ඉල්ලීමකට අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපලේ කවුළුවේ නිළධාරිනියන්ගේ සහය ඇතිව මෙම කාන්තාව සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් මීරිගම සෙත් සෙවන වැඩිහිටි නිවාසයට ගෙනගොස් ඇරලීමට කටයුතු සලසා තිබුණා.
දෙපා වාරු නොමැති හෙයින් ගුවන්තොටුපලේ සත්කාරක සේවිකාවක් විසින් ඇයව රෝද පුටුවක තබා ගෙන පැමිනීමේ පර්යන්තයට ගෙන විත් තිබු අවස්ථාවේදි ගුණවති මහත්මිය මෙලෙස පැවසුවා.
"මම කාසාද බැදලා ටික කාලයක් යන විට මගේ මහත්තයා මාව දලා වෙන දීගයක ගිහින් හිටියා. ඒ වේදනාවත් එක්ක මම කුවේට් ගියා මට කාත් කවුරුත් නැහැ. වසර ගානක් දුක් වින්ඳා. එහෙ යුද්දේ කාලෙත් මම වැඩකලා.
පසුව කුවේට් ස්කෝලයක පිරිසිදු කරන්නියක ලෙස සේවය කලා ලැබුනු පඩිය කෑම නවාතැන් වලට වියදම් වුනා. පොරොන්දු පඩිය ලැබුනේ නැති නිසා අතේ සල්ලියක් ඉතුරු වුනේ නැහැ ටික ටික මම මහළු වුනා.
දනිස් දෙක අමාරු නිසා කකුල් පන නැති වුනා ඇවිද ගන්න බැරිවුනා ඒත් පුවවන් විදියට වැඩකලා මට හැත්ත දෙකක් වුනා කුවේට් වල ඉන්න ලංකාවේ අය මට කන්න බොන්න දුන්නා. ඒ අයට ගොඩක් පිං ලංකාවට ගිහින් තමයි මිය යන්න ඕනා කියලා හිතුනා. කාරුණික මහත්වරුන් ගෙන් මම ඉල්ලන්නේ ලංකාවේ අපි වගේ කාන්තාවන්ට සාධාරණය බොහෝ විට මෙහිදි ඉටු වන්නේ නැහැ. මට සල්ලිත් නැහැ දැන් හුස්ම ටික යනකන් සැනසිල්ලේ ඉන්න ලැබුනොත් ඒ ඇති"
ගුණවති මහත්මිය කටුනායක ගුවන්තොටුපලේ විදේශසේවා කවුළුව අසලට රෝද පුටුවෙන් පැමින සිටි අයුරු සහ ඇයගේ විදෙස් ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් පහතින්
"මැරෙන්නේ නම් මගේ රටේදී කියලා හිතුවා" අවුරුදු 40ක් පිටරටක දුක් විඳලා අතේ සතයක් නැතුව ආපු අම්මාගේ දුක්බර කතාව - Photos
2018-04-16T22:21:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|