සමාජ මාධ්‍ය කළඹමින් එළියට එන කොන්ඩම් අභියෝගය මෙන්න - Video

කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වන විවිධ අභියෝග පිලිබඳ ලෝකයේ අවධානය යොමුවනවා.

මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇති තවත් එවැනිම අභියෝගයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම නවතම අභියෝගය වන්නේ උපත් පාලන
කොපුවක් නාසයෙන් ඉහළට ගෙන මුඛයෙන් පිටතට ගැනීමයි.

මෙය හඳුන්වා ඇත්තේ "The condom snorting challenge"

කෙසේ වෙතත් දෙමව්පියන් වෙත මේ පිළිබඳව විශේෂ අවධානය යොමුවිය යුතු බව පෙන්වාදෙමින් එම මාධ්‍ය පෙන්වා දෙන්නේ එමගින් ජීවිත හානි පවා සිදුවිය හැකි බවයි.

මේ අතර මෙවැනි අභියෝග සමාජගතකිරීමට හුරුකිරීමෙන් විවිධ දුරාචාරයන් පවා සමාජ ගතවීමේ අවධානමක් පවතින බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මෙම අභියෝගය මේ වනවිට තරුණ තරුණ/යන් අතර වඩාත් ජනප්‍රිය වී ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙවැනි අභියෝග උපයෝගී කරගනිමින් සමාජයේ අසරණ පුද්ගලයන්ට උදව් උපකාර කිරීම වෙත මීට පෙර විශේෂ අවධානය යොමුවූවා.