හිසට සෙවණක් නැතිව බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ගලක් යට දිවිගෙවන පියෙකුගේ කඳුළු කතාව - Video

හිසට සෙවණක් යනු හැම කෙනෙකුගේම සිහිනයක්. නමුත් ඒ සිහිනය තවදුරටත් සිහිනයක්ම වූ අසරණ පවුලක් පිළිබඳව අපට වාර්තා වුණේ බලංගොඩ එගොඩවලේබඩ  ප්‍රදේශයෙන්.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරන ලද නාය යාමේ අනතුරු ඇගවීම් හේතුවෙන් 2016 වසරේදී තමන් ජීවත් වු නිවසින් ඉවත්වන්නට
මේ පවුලේ සාමාජිකයන්ට සිදුවනවා.

මේ පිළිබඳව විජිත නන්දසිරි පැවසුවේ මෙවැන්නක්...

"දැනට ජීවත් වෙන්නේ අවුරුදු 2ක් තිස්සේ මේ ගල් ගේක. ගල උඩ තියෙන වාඩියේ තමයි අපි ටික කලක් ඉන්නේ අව්ව සැර වෙලාවට ඒකේ ඉන්න බැහැ. ගල්ගේත් ඉන්නවා. පාඩම් කරනවා. උයාගෙන කන්නෙත් ඒකේ. අපි ඉල්ලුම් කළා නිවසක් හෝ ඉඩමක්. ඒ කිසි දෙයක් අපිට ලැබිලා නැහැ. ගල් ගේ ජීවත් වුනාට උයාගෙන කෑවට රෑවෙලා එළියට බහින්න බැහැ. සත්තු සර්පයෝ ඉන්නවා. අපිට ජීවිතත් එපා වෙලා තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ".

විජිත නන්දසිරි මහතා අපසමග පැවසුවේ කොතෙකුත් වග කිව යුතු නිළධාරීන් දැනුවත් කලත් තමන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීමට මෙතෙක් වගකිව නිළධාරියෙක් නොපැමිණි බවයි.

විජිත නන්දසිරි

"ඔබතුමාලා තමයි මෙතෙන්ට ඉස්සරවෙලා පැමිණියේ. රජයේ නිලධාරියෙක් කිසිම කෙනෙක් පැමිණයේ නැහැ. බලංගොඩ පවුල් සෞඛ්‍ය නිලධාරී තුමා ඇරෙන්න".

පුෂ්පා දමයන්ති

"කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. මහත්තයාට දුරකට කුලී වැඩකටවත් යන්න විදිහක් නැහැ. ඒ මේ තියෙන තත්ත්වය අනාරක්ෂිත බව හින්දා. අද දවල්ට ඇත්තටම මඤ්ඤොක්කා තමයි තම්බලා තියෙන්නේ කන්න. දරුවෝ දෙන්නම දක්ෂයි. අපි ඇත්තටම ජීවිතේ අඩියටම වැටිලා ඉන්නේ මේ අවස්ථාවේ".

පාසල් යන වයසේ පසුවන දරුවන් දෙදෙනෙකුගෙන් යුත් මේ පවුල අද වන විට පත්ව ඇති අසරණ තත්වය සොයා අප ගිය ගමනේදී මැද්දේ කන්ද මහා විද්‍යාලයේ ඉගනුම ලබන මේ දරුවන් දෙදෙනා තම අධ්‍යාපන කටයුතු සිදු කරන ආකාරය අපට දකින්ට ලැබුනේ මෙලෙසින්.

පියුමි නුවන්තිකා - දියණිය

"සමහර දවස්වලට අපි ඉස්කෝලේ යන්නේ නැහැ පොත් තෙමුනම රෙදි තෙමුනම. අපි ඉල්ලනනේ     අපිට ඉන්න තැනක්. පාඩම් කරලා හොඳට ඉස්කෝලේ වැඩ කරලා හොඳින් ඉගෙනගන්න".