ශ්‍රී දේවිගේ දියණියගේ රූගත කිරීම අතර තුර ජංගම දුරකතන භාවිතය තහනම්

ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය වන Janavi ගේ ප්‍රථම චිත්‍රපටයේ රූගත කරන ආකාරය ඇතුලත් වීඩියෝවක් පසුගිය සතිඅන්තයේ අන්තර්ජාලයට නිකුත් වුණා.

ඒ නිසාවෙන්ම මින්පසු චිත්‍රපටයේ රූගත කිරීම අතර තුර ජංගම දුරකතන භාවිතය තහනම් කිරීමට එහි නිෂ්පාදක කරන් ජොහර් තීරණය කර තිබෙනවා.මේ අලුත් නීතියත් සමගම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා දායක වන සියළු දෙනා වැඩ ආරම්භ කිරීමට පෙර
තම ජංගම දුරකතන භාර දිය යුතු වනවා.

දඩක් චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල මුම්බායි හිදී සිදු කෙරෙමින් තිබෙනවා. චිත්‍රපටය ලබන ජුලි මාසයේ තිර ගත කිරීම ආරම්භ කිරීමට සූදනම්.

මේ ආකරයෙන්ම බොලිවුඩ් සුපිරි අධ්‍යක්ෂවරයෙකු වන සංජය ලීලා බන්සාලිගේ චිත්‍රපට රූ ගත කිරීම අතර තුරදී ජංගම දුරකතන භාවිතය තහනම් .