රුවන්වැලි සෑය සංචාරක සමාගමකට විකුණයි..?

ජාතික නිදහස් පෙරමුණේ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ අදහස් පල කලේය.

ජාතිය සතු ‘රන් බිජු දමන කිකිළියකට’ සමාන අනගි සම්පතක් වූ හම්බන්තොට වරාය විකුණා දැමූ මේ යමපාලන ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ විකුණා දමන්න ගිවිසුම් ගහලා ඉවරයි. දැන් අපේ කෘෂි
සංස්කෘතියේ පදනම වූ වැවත් විකුණා දමන්න හදනවා.

‘වැවයි – දාගැබයි – ගමයි – පන්සලයි’ කියන සංකල්පය මත තමයි අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගුණේ. දැන් වැවට අත තබා අවසන්. ඊළඟට දාගැබටත් අත තබාවි.

මෙහෙම ගියොත් මේ යමපාලන ආණ්ඩුව රුවන්වැලි සෑය සංචාරක සමාගමකට විකුණා දමාවි. ඊට පස්සේ අපිට කියාවි, ‘රුවන්වැලි සෑය වඳින්න ඕනේ නම් ටිකට් අරන් වරෙල්ලා’ කියලා. ඒක තමයි මේ පරගැති ආණ්ඩුවේ ඉලක්කය. එතැනින් තමයි මේ වඳ පීදුණු ගමන කෙළවර වෙන්නේ.

දැන් කියනවා, ‘රාජාංගණ වැවේ පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළා’ කියලා. ජනතා විරෝධය හමුවේ ඔහොම කතා කීවාට ස්ථිරව මේ කටයුත්ත නතර කරන තෙක් මේ ජනතා සටන් නතර නොකළ යුතුයි. අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා, ‘මේ ජනතා විරෝධී කටයුත්ත වහාම ස්ථිර ලෙස නතර කරන්න’ කියලා.

– අනුරුද්ද බණ්ඩාර