වසර හයක් තිස්සේ අවුරුදු 16 නැගණියව දුෂණය කළ පාපතර අයියාට වුණ දේ

වසර 6 ක පමණ කාලයක්‌ වයස අවුරුදු 16 ක දැරියකව වරින් වර අතවරයට ලක්‌කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ වයස අවුරුදු 22 ක අයියා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කර තිබෙනවා.

දුම්මලසූරිය ඉහළ වීරකොඩියාන ප්‍රදේශයේ අයෙක්‌ එලෙස රක්‌ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර මොහු අවස්‌ථා කිහිපයකදීම සැකකරුගේ බාල
සොහොයුරියව අපයෝජනය කළ බවට බී වාර්තාවක්‌ මගින් අධිකරණයට ඉදිරිපත්කොට තිබෙනවා.

අදාළ සිදුවීම විඳදරාගත නොහැකිව දැරිය පාසලේ ගුරුතුමිය දැනුවත් කොට තිබෙන බවයි සදහන් වෙන්නේ. එම ගුරුතුමිය මාර්ගයෙන් අදාළ පැමිණිල්ල ලද පසු දැරියගේ ප්‍රකාශ සටහන් කොට දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකරවීමෙන් අනතුරුව එසේ සැකකාර අයියා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.