අවුරුදු 17ක තරුණියක් දූෂණය කළ තරුණයින් දෙන්නා ගමක් ඉදිරියේ නිරුවත් වුණු හැටි - Photos

වයස අවුරුදු 17ක තරුණියක් දූෂණය කළ තරුණයින් දෙදෙනෙකුට ලබා දුන් දඬුවමක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයඹදිග ඉන්දියාවේ මෙම සිදුවීම සිදුව ඇති අතර දූෂණ සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයි දෙදෙනා කොටුකර ගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව ඇති අතර
පසුව ඔවුන් දෙදෙනා මහ මඟදී නිරුවත්කර පහරදී පොලිසියට බාරදී තිබෙනවා.

තරුණිය දූෂණය කිරීමේ සිද්ධියට සැකකරුවන් සිව් දෙනෙක් සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති අතර සෙසු සැකරුවන් දෙදෙනා පලා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ ඔවුන් දෙදෙනා ද සොයා පරීක්ෂණ ආරම්භකර ඇති බවයි.

17 හැවිරිදි අදාල තරුණිය එක තරුණයෙකු සමඟ නිවසින් බැහැරව ගොස් ඇති අතර පසුව අදාල තරුණයා ඔහුගේ තවත් මිතුරන් තිදෙනෙකු සමඟ ඇයව දූෂණය කර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

අනතුරුව අළුයම දෙකට පමණ නැවත එම තරුණිය නිවස ගෙනවිත් දමා තිබෙනවා.

දූෂණය ලක්වූ තරුණිය පසුදින සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් එක්ව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් කොටුකර ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය මාසයේදී වයස අවුරුදු 05ක දැරියක් දූෂණය කළ ඝතනයකළ දෙදෙකුට ප්‍රදේශවාසීන් විසින් පහරදී මරා දමා ඇති බව වයඹදිග ඉන්දියාවෙන් වාර්තා වුණා.