"මුලින්ම ලිංගිකව එක් වූ දවසේ ට්‍රම්ප් මට සල්ලි දෙන්න හැදුවා.." - ලෝකබලවතාගේ අනියම් පෙම්වතිය හෙළි කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් සමඟ මාස දහයක කාලයක්‌ පුරා ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව තවත් ඇමරිකානු ප්ලෙබෝයි නිරූපිකාවක්‌ වන කැරත්මැක්‌ඩොගල් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කර තිබෙනවා.

මුලින්ම ඔහු සමඟ ලිංගිකව එක්‌වූ දිනයේ ට්‍රම්ප් තමන්ට මුදල් දීමට උත්සාහ කළ බවත් තමා එවැනි කාන්තාවක නොවන බව තමන් ට්‍රම්ප්ට පැවැසූ බවත්
ඇය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

තමන් ට්‍රම්ප්ගේ වැඩිමහල් දියණිය මෙන් සුන්දර බව ට්‍රම්ප් නිතරම පැවැසූ බව ද මැක්‌ඩොගල් සඳහන් කර තිබෙන අතර සෑම මසකම අඩුම තරමින් පස්‌වතාවක්‌වත් ට්‍රම්ප් හා තමන් හමුවූ බවත්, ඇතැම් මාසවල ඊට වඩා වැඩි අවස්‌ථාවන් ගණනක්‌ හමුවූ බවත් ඇය සඳහන් කරනවා.

ට්‍රම්ප් ඔහුගේ බිරිඳ හැර ආශ්‍රය කළේ තමන් පමණක්‌ බව එකල සිතා සිටියත් ට්‍රම්ප් කාන්තාවන් ගණනාවක්‌ සමඟ සබඳතා පැවැත්වූ බව මේ වනවිට හෙළිවී තිබෙන බවත් සදහන්.

පසුගිය ජනාධිපතිවරණයේදී තමා ට්‍රම්ප්ට ඡන්දය භාවිත කළ බව පැවැසූ ඇය කෙසේ වෙතත් ට්‍රම්ප් සමඟ පැවැත්වූ සබඳතාව ගැන දැන් කනගාටු වන බව ද ඇය කියා සිටිනවා.
 කෙසේ වෙතත් ට්‍රම්ප් මේ ගැන මුනිවත රකින අතර ධවල මන්දිරය මෙය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.