කොළඹ පාතාලය හෙල්ලූ "නිප්පු" ගේ හද ගැස්ම නතර කළ මාලිගාවත්ත වෙඩිල්ලේ සැඟවුණු කතාව - Video

ඊයේ (27) රාත්‍රියේ මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාවතේ දී සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සාවුල් හමීඩ් මොහොමඩ් මිස්රාල් නම් 31 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසනවා.

ඔහු ඊයේ  රාත්‍රී  8.30 ට පමණ තවත් පුද්ගලයකු සමඟ ත්‍රීරෝද රථයකින් ගමන් ගමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ.

මෙම තරුණයාගේ හිසට වෙඩි වැදී ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් තිබුණු අතර ත්‍රීරෝද රියේ
ගමන් කළ අනිත් පුද්ගලයාගේ පාදයට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී තිබුණා.

මිය ගිය තරුණයා මීට වසර පහකට පෙර නුවරඑළිය ප්‍රදේශයේදී සුදු වෑන් රියකින් පැහැර ගැණුනු බව කියන පාතාල සාමාජික මංජන් අක්‍රම්ගේ මස්සිනා බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

නිප්පු නමින් හඳුන්වන  සාවුල් හමීඩ් මොහොමඩ් මිස්රාල් ගෙන්වාගෙන මෙම වෙඩි තැබීම සිදු කළාදැයි සැක කරන බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.