"විහිලු කළොත් අයියට කියලා හොද වැඩක් කරවනවා" හමුදාවෙන් අයින් වෙච්ච පෙම්වතා ලවා තමන්ගේම පන්තියේ සිසුන් පැහැර ගෙන පහරදුන් පාසල් ශිෂ්‍යාවක් .!

මීරිගම අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යයන් තිදෙනකු පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදී තිබෙන බව පල්‍ලේවෙල ‍පොලීසිය පවසනවා. මේ සදහා හේතුව සොයා පරීක්ෂන සිදුකළ පොලිසීයට මෙම සිසුන් පැහැර ගැනීමට හේතු වූ අපූරූ කතාව අනාවරනය වී තිබුණා.

මෙම සිසුන් තිදෙනා මිරීගම අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන අතර , තමන් සමග
එකම පන්තියේ අධ්‍යාපනය ලබනා සහෝදර සිසුවියකට මෙම සිසුන් විසින් විහිලු කර තිබෙන බව සදහන්. කෙසේ වෙතත් එම සිසුවිය මේ පිළිබදව සිය පෙම්වතාට පවසා තිබෙනවා. එයින් උරණ වූ ශිෂ්‍යාවගේ පෙම්වතා සිසුන් තිදෙනා පෞද්ගලික පන්තියකට යමින් සිටින අවස්ථාවකදී තවත් පිරිසක් සමග ත්‍රිරෝද රථ දෙකකින් හා යතුරු පැදියකින් පැමිණ පැහැරගෙන ගොස් තිබේ.

අදාල සිසුවියගේ පෙම්වතිය ඇතුලු මැර පිරිස පිරිස මෙම පාසල් සිසුන් තිදෙනා පස්යාල  රණවිරුගම ප්‍රදේශයේ  පිට්ටනියකට ගෙන ගොස් පහර දී නැවත මීරිගම නගරයට ගෙනවිත් දමා ඇත්තේ මේ පිළිබදව ‍පොලීසියට හෝ දෙමව්පියන්ට පැවැසුවහොත් වැඩ දුරදිග තර්ජනය කිරීමෙනි.

පසුව මේ බව සිසුන්ගේ දෙමව්පියන්ට දැන ගන්නට ලැබි ඇති අතර ඔවුන් පල්‍ලේවෙල ‍පොලීසියට මේ බව පැමිණීලි කර ඇත.

ඒ අනුව පැහැර ගැනීමට හා පහර දීමට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනකු ‍පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. මෙම පුද්ගලයන් පස්යා‍ලේ, රණවිරුගම ප්‍රදේශයේ පදිංචි අය  වන බවත් පිරිස අතර හමුදාවෙන් පැන ආ බව කියන පුද්ගලයන් දෙදෙනකු හා පාසල් ශිෂ්‍යයකුද වන බව ‍පොලීසිය  පවසනවා. සිසුවියගේ පෙම්වතා බව පවසන ප්‍රධාන සැකකරුද හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයෙකු බවද පැවැසේ. අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් හත් දෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.