ගුවන් අනතුරෙන් සුපිරි කෝටිපතියාගේ දියණිය ඇතුළු 11ක්‌ මරුට

තුර්කි කෝටිපති ව්‍යාපාරිකයකුවූ හුසේන් බස්‌රන්ගේ දියණිය ඇතුළු 11 ක්‌ රැගත් පුද්ගලික ගුවන් යානාවක්‌ ඉරාන කඳුකරයේදී කඩාවැටීමෙන් එහි සිටි සියළු දෙනා මරුමුවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

 බස්‌රන්ගේ දියණිය ටීනා සහ ඇගේ මිතුරියන් හත්දෙනෙක්‌ද එම යානාවේ සිටි බව හෙලිවී
තිබෙනවා. ඇය ලබන මස විවාහ වීමට නියමිතව සිටි අතර  ඩුබායිහි සාදයකට සහභාගිවී ආපසු යමින් සිටියදී ඇය මෙම අනතුරට පත් වූ බවයි සදහන් වෙන්නේ.

 යානාව කඩාවැටීමට මුල්වූ හේතූන් මෙතෙක්‌ හෙලිවී නැහැ. මියගිය පිරිසගේ සිරුරු සොයාගත් බව ඉරාන රතු කුරුස බලධාරීන් සඳහන් කර තිබෙනවා.

 ජීවිතාරක්‍ෂක සේවකයන් එම ස්‌ථානයට යෑවීමත් යානාවේ කොටස්‌ ගිනි ගනිමින් තිබූ බව අනාවරණය වන්නේ.