හොරෙකුට පහර දෙද්දී ගුද මාර්ගයෙන් රත්තරන් හා හෙරොයින් පිට වුණු හැටි

වරකාපොල තෝලංගමුව ප්‍රදේශයේ විශ්‍රාමික ගුරු යුවළක්‌ පදිංචි වී සිටින නිවසක ගුරු මාතාව පමණක්‌ තනිව සිටින අවස්‌ථාවක්‌ බලා එම නිවසට ඇතුඵ වී නිවසේ භාණ්‌ඩ සොරා ගත් පුද්ගලයකු අසල්වාසීන් විසින් අල්ලාගෙන පහර දී තිබෙනවා. එම අවස්ථාවේදී  ඔහුගේ ගුද මාර්ගයෙන්
රන් භාණ්‌ඩ හා හෙරොයින් පිට වී ඇති බව වරකාපොල පොලිසිය පවසනවා.

මෙම සොරා සවස 5.00 ට පමණ මෙම නිවසට ඇතුඵ වී ඇති අතර ගුරු මහතා නගරයේ අමතර පන්තියකට සහභාගි වීමට ගොස්‌ තිබෙනවා. ඒ වන විට ගුරු මාතාව තනිව නිවසේ සිට ඇති අතර ආගමානුකූල කටයුතුවල යෙදෙමින් භාවනා කරමින් සිටින අවස්‌ථාවේදී මෙම පුද්ගලයා රහසිගතව නිවසට ඇතුඵ වී භාණ්‌ඩ සොරකම් කරන විට භාණ්‌ඩ පෙරළෙන ශබ්දය ඇසීම නිසා ඇය එම තැනම සිට කෑ ගසා ඇති බවයි සදහන් වෙන්නේ. ගුරු මාතාවගේ කෑ ගැසීම ඇසී අසල්වාසීන් පැමිණෙන විට සොරා නිවස ඇතුළේ සිටිනවා දැක ඔහු අල්ලා පහර දීමෙන් පසුව වරකාපොල පොලිසියට භාර දී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා පිළිබදව වැඩිදුර විමර්ශනය කළ නිලධාරීන් සැකකරු තමනට යමක්‌ සඟවන බවට දැන ගැනීමෙන් පසුව ඔහුගේ රහස්‌ ප්‍රදේශය පරික්ෂා කර තිබෙන බවත් සදහන්.

ගුරු මාතාවගේ නිවසේදී තමනට අසල්වාසීන් විසින් පහර දීමේදී මළමුත්‍ර පිටවීම නිසා ෂොපින් කවරයකින් එම ප්‍රදේශය ආවරණය කරගෙන සිටින බව ඔහු නිලධාරීන්ට පවසා තිබෙනවා. එසේ පැවසීම නිසා නිලධාරීන්ට ඔහු පිළිබදව තවත් සැක සිතී පරීක්‌ෂා කිරීමේදී ගුද මාර්ගය තුළ සගවාගෙන තිබූ රන් භාණ්‌ඩ තොගයක්‌ සොයා ගැනීමට හැකි වී තිබෙනවා. තවමත් ඔහු ගැන සැක සිතූ නිලධාරීන් නැවත නැවතත් මොහුගේ ගුද මාර්ගය පරීක්‌ෂා කිරීමේදී ඒ තුළ ග්‍රොසරි බෑගයක සගවා ගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 300 ක්‌ සොයා ගෙන තිබෙන බවයි සදහන් වෙන්නේ.