සෙනෙහෙබර හේතුවක් - තෙසාරා ජයවර්ධන

තෙසාරා ජයවර්ධන කවුරුත් හඳුනන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් ලෙසයි. පසුගිය දවසක ඇය ආචාර්ය උපාධිය දිනා ගත්තා. ඒ විතරක් නෙමෙයි ඇගේ ජීවිතයේ අලුත්ම වෙනසක් පසුගිය කාලයේ සිදුවූ බව අපිට දැන ගන්නට ලැබුණා. ඒ ඇය මව් පදවිය ලැබීමයි. මේ සෙනෙහෙබර හේතුව නිසාම ඇයත්
එක්ක කතාබහ කරන්නට අපි සිතුවා. 'දැන් පුතාට මාස හතක් පමණ වෙනවා. පුතාගේ නම ජෙහාර සමරසේකර. පහුගිය දවස් ටිකේම පුතා‍ වෙනුවෙන් තමයි ලොකු අවධානයක් දුන්නේ. ඒ නිසා ටෙලිනාට්‍යවලට දායක නොවුණු තරම්. නමුත් 'ආටක නාටක'

ටෙලිනාට්‍ය සීරීස් එකට දායක වෙනවා. ඒ වගේම මොරටුව විශ්ව විද්‍යාලයේ සිසු දරුවන් කලා සංගමයක් හැදුවා. එහි අනුශාසිකාව ලෙසත් මම කටයුතු කරනවා. ඔවුන් නිර්මාණය කළ 'යුනිවර්' කියන වේදිකා නට්‍යය එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ තරගාවලියේ හොඳම නාට්‍ය 3 වැනි ස්ථානය දිනා ගත්තා. මේ දේවල් සමඟ කාලය සතුටින් ගත වෙනවා.'