ඇස්වහ කටවහ දෝස දුරු කරගන්න වගාබිමට ආ සනී ලියෝන්

‘ඇස් වහ කටවහ‘ අපේ රටේ මිනිස්සු විතරක් නෙවෙයි.. තව ගොඩක් රටවල මිනිස්සු විශ්වාස කරන කතාවක්.
අපේ රටේදි ගෙයක් හදනකොට ගේ ඉස්සරහ යක්ෂ මූණු එල්ලනව.. වගාවක් කරනකොට එක එක කෙම් පහන් කරනව.. ඇස්වහ කටවහ දෝස දුරු කරගන්ට..

ඉන්දියාවෙ ගොවියෙක් තමන්ගෙ වගාවට තියෙන ඇස්වහ දෝස දුරු කරගන්ට අමුතු කෙමක් කරලා පහුගිය දාක..කොච්චර අමුතු කෙමක්ද කිව්වොත්
පත්තර වල වෙබ් අඩවි වල හිටං ඒ කතාව වැහි වැහැලා..

මේක කරල තියෙන්නෙ ඉන්දියාවෙ ආන්ද්‍රා ප්‍රදේශ් වල ඉන්න චෙන්චු රෙඩ්ඩි කියලා ගොවියෙක්.. කන්න කීපයක්ම වගාව පාලු වෙච්ච හින්දා මේ ගොවි මහත්තයා වගාවට තියෙන ඇස්වහ කටවහ යන්ට කියල ඉන්දියාවෙ ප්‍රසිද්ද එක නිලියක්ගෙ මහ විසාල පින්තූරයක් ගෙනල්ල තමන්ගෙ ගොවිපොලට ඉස්සරහ ගැහුවලු.. පින්තූරෙ ගැහුව දවසෙ ඉදන් ඇස්වහ කටවහ හෝ වහ ඔය මොකුත් නෑලු.. දෙයියනේ කියල දැන් වගාව සරුසාරයිලු.

වගාවට ඇස්වහ කටවහ වදින්ට ඉතින් වගාව දිහා ඇහැක් ඇරලවත් බලන්ට එපැයි.. දැන් එතනින් යන එන මිනිස්සු එතන වගාවක් තියන බවක්වත් දකින්නෙ නැතිලු..