ශ්‍රී දේවිගේ දේහය බලන්න දින දෙකක් තිස්සේ නිවස ළඟ සිටි අන්ධ පුද්ගලයා

පසුගිය දිනවල ලෝකේ ම අවධානය යොමුවූයේ බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවි ගේ හදිසි අභාවය පිළිබඳවයි.

කෙසේ වෙතත් ඉන්දියාවේ ශ්‍රී දේවි ගේ නිවහන ඉදිරිපිට දින දෙකක් තිස්සේ රැඳී සිටින විශේෂ පුද්ගලයෙකු පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු නමින් Jatin Valmiki නම් උත්තර් ප්‍රදේශ් හි
පදිංචි පුද්ගලයෙක්.

Jatin මෙලෙස දින දෙකක් තිස්සේ ශ්‍රී දේවි ගේ නිවස ඉදිරිපිට රැඳී සිටින්නේ තම අවසන් ගෞරවය දැක්වීම සඳහායි.

කෙසේ වෙතත් ඔහුගේ ඇති විශේෂත්වය වන්නේ උපතින් ම දෙනෙත් අන්ද පුද්ගලයකු වීමයි.

කිසිවක් නොපෙනෙන පුද්ගලයෙකු මෙලෙස දින දෙකක් තිස්සේ ශ්‍රී දේවි ගේ නිවස ඉදිරිපිට රැඳී සිටීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය විසින් ඒ පිළිබඳව ඔහුගෙන් විමසා තිබෙනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ කිසිදිනක තමන් ශ්‍රී දේවි ගේ රුව නොදුටු මුත් ඇයගේ මනුසත් ගුණය පිළිබඳව තමන් හොඳින් හඳුනන බවයි.

Jatin Valmiki විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තම සොහොයුරා පිළිකාවකින් පීඩා විඳිමින් සිටි අවස්ථාවේ තමන් මහත් අසරණ වූ බවයි.

එම අවස්ථාවේ ශ්‍රී දේවි මැදිහත්වී තමන්ට මූල්‍ය උපකාර සිදුකළේ ඇය තමන් පිළිබඳව කිසිවක් නොදැන බවයි ඔහු සඳහන් කරන්නේ.