බොලිවුඩය ත්‍රාසයට පත් කළ ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම්ට මරණ තර්ජන ගලා එයි

ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම්ට එරට මුල්ධර්මවාදීන්ගෙන් මරණ තර්ජන එල්ලවෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ පිලිබදව මහරාස්ට්‍ර ප්‍රාන්ත බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අතර ඒ බව මුම්බායි පොලිසියද දැනුවත් කර තිබෙනවා.


මේ පිලිබදව සෝනු නිගම් දැනුවත් කරමින් පොලිසිය පවසා ඇත්තේ
ප්‍රසද්ධ ස්ථානයකදී, ප්‍රසංගයකදි හෝ ගමන් ගනිමින් සිටියේදී මෙම ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවයි.

මේ නිසා සෝනු නිගම් හට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට මුම්බායි පොලිසිය ක්‍රියා කර තිබෙනවා.

මෙම තර්ජන එල්ලවීමට හේතුවක් වී ඇත්තේ සෝනු නිගම් එරට ජාතික ගීය සම්බන්ධයෙන් පලකල අදහස් කිහිපයක්.

ඔහු පවසා ඇත්තේ සිනමා ශාලා තුල සහ අවන්හල් තුල ජාතික ගීය ගායනා කිරීම නුසුදුසු බවයි. එමගින් ජාතික ගීයට අගෞරවයක් සිදුවන බවයි ඔහු ප්‍රකාශ කර තිබුනේ. මේ ප්‍රකාශයට එරෙහිවයි මෙම තර්ජන එල්ල වී ඇත්තේ.