ලොවම කැළඹූ සෙල්ෆි වීඩියෝවේ නොදත් කතාවක් එළියට එයි - (Video)

දුම්රියක් පැමිණෙන අවස්ථාවේ සෙල්ෆි වීඩියෝවක් ගැනීමට ගිය තරුණයෙකු ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී දුම්රියේ ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව ලොව පුරා අවධානය යොමුවුනා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ එම තරුණයා එහිදී බරපතල තුවාල
ලැබූ බවටයි.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම වීඩියෝව ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝවක් බවයි.

මෙම තරුණයා කායවර්ධන මධ්‍යස්ථානයක උපදේශකයෙකු ලෙස සේවය කරන බවත් පසුව ඔවුන් විසින් මෙලෙස ව්‍යාජව සැකසූ වීඩියෝව පිළිබඳව අදහස් දක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍යවේදිනියක් විසින් ට්විටර් ගිණුමට එක්කර තිබෙනවා.

එම වීඩියෝවත් සමඟ බලධාරීන් විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී එම තරුණයා අත්අඩංගුවට ගැනීමද සිදුවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.