විවාහක කතට අතවර කිරීමට ගිය සල්ලාලයාට අවසානයේ ලැබුණු දඬුවම

නිවසකට රහසේ ඇතුළු වී එහි නාන කාමරය තුළ නෑමට සූදානම්ව සිටි 23 හැවිරිදි රූමත් විවාහක කතගේ ගෙල මිරිකා තර්ජනයක්‌ කර ඇය බියපත් කොට බලෙන් අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් 26 හැවිරිදි පෙදරේරු සහායකයකු මීගමුව මහාධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉඳුනිල් පෙරේරා මහත්මිය මගින් වරද පිළිගත් පෙදරේරු සහායකයාට වසර 5 කට
අත්හිටුවූ බරපතළ වැඩ ඇතිව වසරක සිර දඬුවම් නියම කළ බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා ඊට අමතරව රුපියල් 15,000 ක දඩ නියම කර තිබෙනවා.

එම දඬුවම්වලට අමතර විත්තිකරුගේ අතවර කිරීමට භාජන වූ මෙහි පැමිණිලිකාරියට රුපියල් 25,000 ක වන්දියක්‌ ගෙවීමට ද අධිකරණය නියම කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලසන්ති ඉඳුනිල් පෙරේරා මහත්මිය මගින් අධිකරණය හමුවේ වරද පිළිගත් විත්තිකරු වූයේ කොච්චිකඩේ දළුවකොටුව තක්‌තියා පාරේ පදිංචි ඒ. එච්. සුගත් කුමාර (26) නමැත්තායි. නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු අනුව මෙහි විත්තිකරු මීගමුව ඇඩ්නිවස්‌ පාරේ ඉදිකළ ගොඩනැඟිල්ලක පෙදරේරු සහායකයකු ලෙස ගොස් තිබෙන බවත් සදහන්.

එහිදී ඊට යාබද නිවසේ පදිංචිව සිටි 23 හැවිරිදි රූමත් විවාහක කතට අතවර කිරීමට තැත් කළත් එය ව්‍යර්ථ වී තිබෙනවා.