ෆේස්බුක් නිර්මාතෘ සමඟ පැටලෙන්නට යන නලීන් පෙරේරා

නලින් පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය ගායකයෙක්. ඔහු පසුගියදා කතා බහට ලක් වුණා. ඒ ප්‍රසංගයක් සඳහා ප්‍රවීනයකුගේ ගීත භාවිත කළ නිසයි. ලංකාවේදී නඩු දාගත්ත නලීන් ජාත්‍යන්තරය සමඟින් නඩුවක පැටළෙන්න සූදානමක් තියෙනවා කියලත් කියනවා.

ඒ ෆේස්බුක් නිර්මාතෘ එක්ක. අපේ අම්මලා තාත්තලා පොඩි කාලේ කරපු දේවල් අහන්න අපි හරි අාසයි. ඒකට හේතුව ඒ දේවල් කරන්න අපිට දැන් වේලාවක් නැති එක. අැත්තටම අපිට ඒ දේවල් කරන්න වෙලාවක් නැද්ද නැත්නම් තියෙන වෙලාව අපි නැති කරගෙනද.


මේකට හොඳ උත්තරයක් නලීන් පෙරේරා සිංදුවකින් දීලා තියෙනවා. තාක්ෂණයත් එක්ක දුරකතනයට වහල් වුණා පරපුරක් කොහොම කෝම්පිට්ටු උයන්න වෙලාවක් හොයා ගන්නද. අපි ෆේස්බුක් එකේ පැල් බැඳගෙන දවස ගෙවනවා. හැබැයි ෆේස්බුක් හදපු සකර්බර්ග් නම් හොඳට ජීවිතය විදිනවා.

මේරියන්ස් සංගීත කණ්ඩායම පහුගිය කාලයේ නඩු පිට නඩු දා ගත්තා. හැබැයි ඔවුන් එතනින් මට්ටු වෙලත් නෑ. මේ සැරේ පැටලිලා තියෙන්නේ ලේසි පහසු කෙනෙක් එක්ක නෙවෙයි. මාර්ක් සකර්බර්ග් එක්ක. Facebook නිසා සකර්බර්ග් එක්ක පැටලුණ මෙරියන්ස්ලාගේ Video එක ළඟදීම ඔබට බලා ගන්න පිළිවන්.