සමූහ දුෂණයට ලක්වී මියගිය පාසල් සිසුවියගේ පවුලේ දේශපාලන මතය එළියට..!! පවුලේ ඥාතීන් එක්වෙලා කරපු දේ..!

තිස්‌සමහාරාම මාගම ප්‍රදේශයේදී 14 හැවිරිදි පාසල් සිසුවියක් තරුණයන් තිදෙනකු විසින් සමූහ දූෂණට ලක්‌කළ සිදුවීම රටේ විශාල කතාබහක් ඇති කලා. අදාල සිදුවීමෙන් පසුව සැකකරුවන්ට ප්‍රදේවාසීන් විසින් පහර දී පොලීසියට භාර දී තිබූ අතර දැරිය සිය දිවි හානි කර ගැනීමට උත්සාහ
කිරීමේදී ඉන්  බේරාගෙන රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගියා.

මෙම දැරිය දූෂණය කල තිදෙනා‍ෙ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් බවට ප්‍රසිද්ධ වීමත් සමඟ දේශපාලන කරලියේද මෙම සිදුවීම ඉතා දැඩිව කතාබහට ලක්වුණා.

ඒ අනුව  දැරියගේ මව සහ  ඥාති පිරිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තමන්ගේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා. ඒ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජන රැළියකදී බවයි සඳහන් වෙන්නේ.