මියයන බව දැන දැනත් පෙම්වතා විවාහ කරගත් ආදරණීය පෙම්වතියක් ගැන ලෝකයක් හැඬවූ සංවේදී කතාව - (Video & Photos)

19 හැවිරිදි Dustin Snyder වාසය කලේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ. සිය පාසල් දිවිය සතුටින් නිම කරමින් සිටි Dustin Snyder හට මීට සති කිහිපයකට පෙර හදවත් නවතින කතාවකුයි අසන්නට ලැබුනේ.

එනම් තමන් දරුණු පිළිකාවකින් පීඩා විඳින බවත් තමන්ට ජීවත් විය හැක්කේ සති කිහිපයක් පමණක් බවයි. මේ සමගම තවත් සිතන්නට හෝ
කල්පනා කරන්නට දෙයක් Dustin Snyder හට ඉතිරි වුනේ නැහැ.

ඔහුගේ අවසන් ඉල්ලීම වුනේ මිය යාමට පෙර තමන්ට විවාහ වීමට අවශ්‍ය බවයි. මේ බව ඔහුගේ පාසල වයසේ සිටම පෙමවතිය වූ Sierra Siverio හට දැන් වූ පසු අය ඔහු වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිඊමට සුදානම් බව ප්‍රකාශ කරමින් විවාහයට සුදානම් වුනේ මේ ලෝකය දමා යන්නට සැරසෙන සිය පෙම්වතාගේ අවසන් කැමැත්ත ඉටු කිරීමේ අටියෙන්.

නමුත් ඔවුන්ට මේ හදිස්සිය විවාහ මංගල්‍යයක් සුදානම් කිරීමට වත්කමක් තිබුනේ නැහැ..

නමුත් Dustin Snyder ගේ සහෝදරිය සමාජ මාධ්‍ය ඔස්සේ මේ කථාව ලෝකයට කිව්වා. ඒ සමගම ක්‍රියාත්මක වූ සංවේදී හිත් ඇති මිනිසුන් දසතින් මෙම විවාහ මංගල්‍යයට ආධාර කරන්නට පටන් ගත්තා.

Dustin Snyder ජීවිතයෙන් සමුගන්නට දින කිහිපයක් තිබෙයේදී ඔහුගේ විවාහය සිදුවුනේ අවසන් කැමැත්ත ඉහලින් ඉටුවෙමින්. මේ දවස Dustin Snyder හට සතුටු දවසක් වුනත් ඔහුගේ හිතවතුන් සියලු දෙනාම මේ විවාහයට එක්වී සිටියේ කදුළු පිරි දෙනතින්. ඒ Dustin Snyderගේ වෙන්ව යාම ඒ කිසිවකුට වගේම ඔහුගේ බිරිදටත් දරාගන්නට නොහැකි දුකක් වීම නිසයි.